(මනෝප්‍රිය ගුණසේකර)
පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 19 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින විත්තිකරුවන් 37 දෙනා එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළ විනිසුරු මඩුල්ල ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් 05 දෙනාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.
මහධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති) රශ්මි සිංගප්පුලි සහ රුවන් පතිරණ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
මෙය සමාජයේ මහත් කැළඹීමක් කළ සිදුවීමක් නිසා මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතීපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.
2022 මැයයි මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නිට්ටඹුව ප්‍රදේශයේදී පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් නිලධාරියාට පහරදී ඝාතනය කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ විත්තිකරුවනන්ට එරෙහිව නඩු පවරා ඇත.
2025 දෙසැම්බර් මස 18
531
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
270
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුව 19 කැඳවයි