IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


මන්ත්‍රීවරුන්ගේ රැකවල් ආරක්ෂක කවුන්සලයට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල  මහික වීරරත්න)

ආරක්ෂාව අවශ්‍ය යැයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීම්  සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සලයට ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.

පොලිස්පතිවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම  ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන  තක්සේරු වාර්තාවල ප්‍රගතිය තමාට දැනුම් දෙන ලෙස කතානායකවරයා වැඩබලන පොලිස්පතිවරයාට  දැනුම් දුන්නේය.

මෑත කාලයේ සිදුවූ  මනුෂ්‍ය ඝාතන  රැසක් අපරාධ කල්ලි සහ මත්කුඩු ජාවාරම් කරුවන් අතර සිදුවන ගැටුම් වල ප්‍රතිඵල බවත්  ඒ සඳහා ප්‍රදේශීය දේශපාලනඥයන් ද සම්බන්ධ බවට හඳුනාගෙන තිබෙන  බවත්  වැඩබලන පොලිස්පතිවරයා කීය.

ආරක්ෂාව අවශ්‍ය බවට තහවුරුවූ  මන්ත්‍රීවරැන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙන බවද වැඩබලන පොලිස්පතිවරයා  පැවසුවේය.

මෙහිදී විරුද්ධ පාර්ශ්වයේ පක්ෂ නායකයෝ  තම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව  සම්බන්ධයෙන් මතුව තිබෙන අවශ්‍යතා  ගැන කරැණු ඉදිරිපත් කළහ. ඒ අනුව  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්චුනා මහතා අදහස් දක්වමින් පැවසුවේ  තමන්ට  ආරක්ෂාව  ලබාදීම සඳහා  පහසුකම් නොමැතිනම්  ආරක්ෂාව සලසා ගැනීම සඳහා ගිනි අවි ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්  සහ  පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අදහස් දක්වමින් පැවසුවේ ආරක්ෂක තක්සේරු වාර්තා ගන්නා තෙක්   සම්පුර්ණ ආරක්ෂාව ඉවත් නොකර ආරක්ෂාව අවශ්‍ය යැයි පවසන මන්ත්‍රීවරැන්ට එම ආරක්ෂාව ලබාදීම සුදුසු  බවයි

තක්සේරු වාර්තාව ලැබීමෙන් පසු එහි නිර්දේශයන්ට අනුවද  කටයුතු කළ  හැකිබව ඔවුහු  පැවැසුහ.

මේ රැස්වීමට   විරුද්ධ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස,  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් මෙන්ම විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින්, ඇමති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂක සහ ආරක්ෂක අංශවල නිලධාරීහු    පිරිසක්ද  සහභාගී වූහ.



අදහස් (0)

මන්ත්‍රීවරුන්ගේ රැකවල් ආරක්ෂක කවුන්සලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 19330 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18084 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10825 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 495 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 151 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 818 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site