IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මන්ත්‍රීලා ගිනි අවියට පස්ස ගහලා

(සුජිත් හේවාජුලිගේ) 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම නිල බලයෙන්  හිමිවන පිස්තෝලයට අමතරව රිපීටර් අවියක්ද ලබාදීමට රජය තීරණය කර ඇතත් තවමත් ඒ සඳහා ඉල්ලුම් කර ඇත්තේ මන්ත්‍රීවරුන් දහයකටත් වඩා අඩු සංඛ්‍යාවක් බව වාර්තාවේ.

රිපිටර්  අවි නිකුත් කිරීම සඳහා අයදුම්පත්  කැඳවීම ආරම්භ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඔවුනට මෙසේ රිපීටර් අවි  දෙන්නේ  ගාස්තුවක්   අය කිරීමෙන් පසුවය.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන පිස්තෝලය පවා ලබාගෙන නොමැති මන්ත්‍රීවරුන් තිහකට ආසන්න පිරිසක් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් 225 දෙනාටම  රිපීටර් අවියක් ලබාදීමට රජය තීරණය  කර ඇත්තේ අරගල  සිද්ධිය සහ විවිධ සමාජ කැලඹීම්  සැලකිල්ලට  ගනිමිනි.  



අදහස් (3)

මන්ත්‍රීලා ගිනි අවියට පස්ස ගහලා

Prabha Friday, 16 August 2024 09:02 PM

රිපිටරයකින් වෙඩි තියන්න තරම් හයියක් තියෙන මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්නවද?

:       0       1

pakeer Friday, 16 August 2024 09:27 PM

ජනතා සේවය..!

:       0       1

ජයනාත් Saturday, 17 August 2024 07:25 AM

අවි ගත්තෝ එම අවිය නිසාම නසිති .

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site