IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මන්ත්‍රිනී හරිනිට කළ බාධාව සම්බන්ධයෙන් පරික්ෂණයක්

(ඉන්දිකා රාමනායක)

රිමාන්ඩ් බාරයට පත්කර සිටි නිළි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරියට මහත්මියට බන්ධනාගාර නිලධාරීන් බාධා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මන්ත්‍රීවරිය වැලිකඩ කාන්තා අංශය වෙත ගිය අවස්ථාවේ එහි පිරිස මන්ත්‍රිවරිය මිනිත්තු  40 ක කාලයක් පමණ බන්ධනාගාරයේ කාන්තා අංශයට ඇතුලුවීමට ඉඩ ලබා නොදුන් බවට වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්රේීමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න යන මහත්වරුන් දමිතා අබේරත්නගේ සුවදුක් විමසීමට එම බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්රීම ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට ද එම අවස්ථාව සලසාදීමට බන්ධනාගාර කටයුතු කර ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක , පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතාගේ කළ විමසුමකදී ඒ මහතා පැවසුමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනගාරයේ අධිකාරිවරයා යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මේම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වෙත ලැබී තිබු පැමිණිල්ලකට අදාලව ඒ මහතාගේ දැනුම් දීම මත මෙම විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

 



අදහස් (9)

මන්ත්‍රිනී හරිනිට කළ බාධාව සම්බන්ධයෙන් පරික්ෂණයක්

ලුම්බිණි Monday, 12 September 2022 01:41 PM

"බන්ධනාගාර නිලධාරීන් බාධාකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ විමර්ශනයක්" නරකද ඕක නොකරම ඉන්න එක...?

:       2       42

Hafeel Monday, 12 September 2022 01:44 PM

එහෙම නම් මේ සිද්ධියත් යටපත්... පරීක්ෂණ පවත්වනවා කියන එක යටපත් කරන්න තමයි. ලොහාන් රත්වත්තේත් එල්ලුම් ගහ පෙන්නන්නට ගිය එකටත් පරීක්ෂණයක් පැවැත්තුවා නේද? ඒ වගේම නිරූපමා රාජපක්ෂගේ පැන්ඩෝරා වාර්තාව පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත්තුවා...

:       2       32

sena Monday, 12 September 2022 02:04 PM

මේක හරියට හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ... මේවට මානව හිමිකම් යන්න ඕනේ...!

:       4       25

කිරිපුතා Monday, 12 September 2022 02:05 PM

මෙයත් ආචාර්ය උපාධියක් තිබුණට සජී වගේම නිසා යන්න දෙන්න තිබ්බේ... පව්නේ...!

:       32       16

randilMonday, 12 September 2022 05:17 PM

පොලේ ගහලාවත් මරන්න බැරිය...

:       0       0

ravin Monday, 12 September 2022 02:15 PM

රංජන් රාමනායක මහතා නිදහසු වූ පසු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිව්වා නේද ඇතුලේ වැඩ සිදුවන විදිහ... මෙන්න සාක්කි..!

:       4       28

sugath Monday, 12 September 2022 03:10 PM

හොරාගේ අම්මාගෙන් පේන ඇසීම... !

:       3       20

M.H.Padmananda Siriwardena Monday, 12 September 2022 07:08 PM

මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සමහර රාජ්‍ය නිලධාරින්... දේශපාලනඥයින්ගේ අතකොළු බවට පත්ව ඇති නිසා මෙවැනි දේ සාමාන්‍යකරණය කිරීමට.. ඉහළ නිලධාරීන් කටයුතු කිරීමට ඉඩ ඇත...

:       0       9

JEPPI Monday, 12 September 2022 09:02 PM

මෙි උත්තමාවිය රජයේ ආයතන කාර්ය පරිපාටි සංග්‍රහය ( ආයතන සංග්‍රහය ) පරිශීලනය කළා නමි ?????

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site