(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට තමන් පදිංචි ප්‍රදේශයන්හි යුද හමුදා කඳවුරුවලින් ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවේදයක් නොමැති බවට මන්ත්‍රීවරුන් රැසක් කතානායක වරයාට කළ පැමිණිලි අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා මේ ආකාරයට පහසුකම් සලසා දී ඇත.
මේ අතර අභිනව ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා ඡන්ද විමසීමේ අවස්ථාවට සහභාගීවීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම මන්ත්‍රීවරුන්ට විශේෂ පොලිස් ආරක්ෂාව ලබාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාට උපදෙස්දී ඇත.
ඡන්ද විමසීමට පැමිණෙන මන්ත්‍රීවරුන්ට විවිධ කැරලිකාර කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තර්ජන ගර්ජන කරමින් සිටින හෙයින් සියලු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට මෙසේ පියවර ගත් බව රජය පවසයි.
අභිනව ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම හේතුවෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවට ප්‍රදේශ වල ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කර ඇති අතර පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීහු කණ්ඩායම්ද යොදවනු ලැබ සිටිති.
පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ග ආරක්ෂක හේතු මත සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර එම මාර්ගවලට ඇතුළුවිය හැක්කේ ඒවායෙහි පදිංචි කරුවන්ට පමණි.
පාර්ලිමේන්තුව අවට මාර්ගවල යුදහමුදාවේ විශේෂ රථ රඳවා තිබෙනු ඊයේ දැකගත හැකිවිය.
පාර්ලිමේන්තුවට අමුත්තන් පැමිණීමද ආරක්ෂක පියවරක් ලෙස නතර කර ඇති අතර පාර්ලිමේන්තුවේ මහජන ගැලරිද වසා දමා ඇත.
පාර්ලිමේන්තුවට පැමිණෙන මාධ්‍යවේදීන් සඳහාද අලුත් උපදෙස් මාලාවක් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ඊයේ නිකුත් කරනු ලැබීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මන්ත්‍රින්ට ඡන්දෙට එන්න හමුදාවෙන් තෙල්
sharm warn Monday, 18 July 2022 04:54 PM
අපෝ ඔවුන්ගේ වාහන තෙල් බොන ඒවා. හමුදාවේ අයට පයින් යන්න තමයි වෙන්නේ. අඩුගානේ වාහනෙන් වත් රටට හොඳක් කරපු අය නෙවෙයි. ඒකෙනුත් ආර්ථිකයට හානියක් තමයි කළේ... මහ ලොකු සුදු රෙදි හොරු..