IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


මධ්‍යම අධිවේගයේ කෝටි 234ක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ)

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ ව්‍යාපෘති හතර කොටස සඳහා රුපියල් කෝටි 234 ක පමණ මුදලක්  වැය කිරීමෙන් පසුව ඉදිකිරීම අතහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ අතර කොළඹ රත්නපුර පැල්මඩුල්ල අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 1025කට  වැඩි මුදලක්ද නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණු මතින් ඉදිවන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 134 කට ආසන්න මුදලක්ද 2023 වසර වන විට   දේශීය අරමුදල් මඟින් වියදම් කර තිබූ නමුත් ඒවායේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමෙන් තොරව පැවතුණ බව එම වාර්තාවේ දැක්වේ.

මේ අතර මහනුවර බහු විධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ ගෙදර කිරීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ව්‍යාපාර අලාභ ලෙස පුද්ගලයන් අටසිය විසි පස් දෙනෙකුට රුපියල් කෝටි 72කට වැඩි මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසය

ඉදිකිරීම් කටයුතු නිමවනතුරු මෙම වන්දි මුදල් දිගින් දිගටම ගෙවීමට සිදුවන්නේ යැයි නිරීක්ෂණය වූ බව පවසන එම කාර්යාලය වන්දි ගෙවූ පුද්ගලයන් අතුරින් දාහක් දෙනෙකුට 2023 සහ 202 2014 වසර සඳහා පිළිවෙළින් රුපියල් දෙකෝටියකට වැඩි මුදලක් නැවත ගෙවීමට සිදුව තිබූ බව වාර්තාව සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය 2021 මැයි මස 06 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද සිවිල් හා උපදේශන වැඩ සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන් ව්‍යාපෘතියේ ඉසිවිල් වැඩ ආරම්භ කර නොතිබූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය එක කොටසේ නිමකළ වැඩ සඳහා කොන්ත්‍රාත්කරුට 2023 දෙසැම්බර් 31 දින වන විට රුපියල් කෝටි 4034 කට වැඩි මුදලක් ගෙවීම් කර නොතිබූ බවත් ඒ අනුව කොන්ත්‍රාත් ගිවිසුමේ සාමාන්‍ය කොන්දේසි ගිවිසුමෙහි සාමාන්‍ය කොන්දේසි අනුව  ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවදානමක් පවතින බවත් විගණන වාර්තාව සඳහන් කරයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට අදාළව නිකුත් කළ විගණන වාර්තාවේය.



අදහස් (2)

මධ්‍යම අධිවේගයේ කෝටි 234ක් වතුරේ

pj Tuesday, 14 January 2025 05:21 AM

දැන් රට බංකොලොත් බවින් මිදිලා නම් ක්ලීන් කිරීම අංක 10 ට දමා ඔය කියන ඉදිකිරීම් වහාම අරඹන්න බැරිද?

:       6       10

Perera Tuesday, 14 January 2025 09:04 AM

මේ ජාතික අපරාධ වගට වගකිව යුත්තේ කවුද කියලා හඳුනාගෙන ඔවුන්ට දඩුම් කර ඔවුන්ගේ පෞද්ගලික ධනයෙන් අය කරගත යුතුයි

:       2       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 169 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site