IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාධ්‍යවේදීන්ට ජීවත් වෙන්න වැටුපක් දෙන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මිනිසකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වැටුපක් මාධ්‍යවේදීන්ටත් ලබාදීමට කටයුතු කරන්නැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අද රටේ මාධ්‍යවේදීන් ඉන්නේ බොහෝ දුෂ්කර ආර්ථික තත්ත්වයක බවද රූපවාහිනී වල මෙන්ම පත්තර කාර්යාල වල ලැබෙන දීමනා ප්‍රමාණවත් නැතැයි දිසානායක මහතා කීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැයශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

සමාජයට බොහෝ පණිවිඩයක් ගෙන යන  මාධ්‍ය ආයතන වැසී  ගියොත් තොරතුරු ගලායාමේ අන්ධකාරයක් ඇතිවෙන බව කී මන්ත්‍රීවරයා  මාධ්‍යවේදීන් මුහුණපාන  ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් විමසා බැලිය යුතු බව සඳහන් කළේය.

මාධ්‍යවේදීන්  වෙනුවෙන් විවිධ ආණ්ඩු නිවාස ,සහන ණය,රක්ෂණ  ආදී විවිධ වැඩසටහන් ආරම්භ කළ නමුත් ඒ සියල්ල නතර වී තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය .

 



අදහස් (9)

මාධ්‍යවේදීන්ට ජීවත් වෙන්න වැටුපක් දෙන්න

P.D GOONAWARDENE Friday, 08 December 2023 01:29 PM

බොරදියේ මාලු බෑම් ඕවා... ඒ අය මෙතුවක් කරලා තියෙන්නේ ගරු සේවයක්ද එතකොට..?

:       13       10

Aravinda MonarawilaFriday, 08 December 2023 04:40 PM

ඇයි ඒ මිනිස්සු කන්න බොන්න ඕන නැද්ද, දරුවන්ව පාසල් යවන්න ඕන නැද්ද ,දෙමව්පියන්ට වැඩිහිටියන්ට සලකන්න ඕන නැද්ද ,වහලුන් බයියා එහෙම කරන්නේ නැතුව ඇති මගේ හිතේ

:       3       6

Arul Friday, 08 December 2023 04:29 PM

අපි වෙනුවෙන් කතා කරපු ඔබට ස්තුතියි ඇත්තෙන්ම ක් නැතුව පැන්සන් එකක් නැතුව සේවය කරන එකම කණ්ඩායම මාධ්‍යවේදීන් පමණයි පැය 24ම සේවයට කැප වී සිටින කණ්ඩායමක් රෑ දවල් වැස්ස නොතකා ඕන වෙලාවක ින් ඕනම අවස්ථාවක තමන්ගේ සේවය ් අකුරට ඉටුකරන මාධ්‍යවේදීන්ට ඉතා ගෞරවයක් පිරිනිවෙන්න ඕනේ ස්තුතියි

:       3       5

Bamunuarachchi Friday, 08 December 2023 04:34 PM

ඉතින් බන් ඒවා ඒ ඒ අදාළ ආයතන කරාවි. උඹ බෙරිහන් දීල වැඩක් නැහැ. හැබැයි උඹල මේ කරන කයිවාරු ගැහිල්ලෙන් පෙනෙනවා උඹලාට එකක්වත් හරියට කරන්න බැරිබව. ජෙප්පන්වම ගොනාට අන්දවපන්. දැන් මාධ්‍ය කාරයින්ගේ පඩි වැඩිකරන්න කීවාම මාද්‍ය කාරයෝ ඔක්කොම ජේවීපී එකට පක්ෂව ලියයි නේද බන්?

:       5       7

P.A.H padmaperumaFriday, 08 December 2023 06:40 PM

නිකං වැලලෙන්න හදන්න එපා. මොලේ තරම පේනවා. ජන මාධ්‍ය කියන්නේ රටක 04 වන බලවේගය. නියම මාධ්‍යවේදියෙක් කාටවත් පක්ෂව වැඩ කරන්නේ නැහැ. කා එක්ක හරි ඇරියස් තියනවා නම් ඒවා ඒ අය එක්ක බලාගන්න.

:       2       0

අරවින්ද මොනරවිල Friday, 08 December 2023 06:55 PM

එයා කරන්නේ එයාගේ යුතුකම, දෙන කටුවක් කාලා බුරන්නේ නැතුව ඉන්න ටොමියෝ...!

:       2       0

Bamunuarachchi Friday, 08 December 2023 11:54 PM

මොනරවිල ඒක ඇත්ත අනුරය කරන්න ඒකට තිබෙන ජොබ් එක. හතර වටේටම බුරනවා. බිරුව පලියට බල්ලා හොඳ වෙන්නේ නැහැ. ඇයි මෙච්චර බුරන්න වෙලා තිබෙන්නේ? හපා කන්න නොවෙයි මමත් ඉන්නවා කියලා පෙන්වන්න.

:       0       0

Saththaya Friday, 08 December 2023 10:30 PM

කැට හොල්ලල එකතු කරන සල්ලි වලින් බැරිද ඒ ගොල්ලන්ට මාසිකව ගෙවන්න . දු දරුවොත් පිට රට ඉගෙන ගන්නේ . ලොකු සමාජ මෙහෙවරක් .

:       0       0

අනුර ජයන්ත දිසානායක Saturday, 09 December 2023 05:34 AM

හැම දෙයක්ම දේශපාලන කෝණයකින් බලන්න එපා. එක එක දේශපාලන පක්ෂ පිලිබද කාටත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් මාධ්‍යවේදීන් වන අප දන්නවා අපිට මොනවද ලැබෙන්නේ, අපි කොතරම් අපහසුතා වලට ලක් වෙනවාද කියලා. බොහෝ කණ්ඩායම් වගේ මාධ්‍යවේදීන් ද විවිධ සංවිධාන වටා රොක් වෙලා. එක එක අරමුණු වෙනුවෙන්. අනුර පාර්ලිමේන්තුවේ දී මොන අරමුණකින් එසේ කීවත් එය ඇත්ත කියලා මම නම් හිතනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site