IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මධ්‍යම අධිවේගීයේ කඩවත-මීරිගම කොටසෙහි කම්බි කපන ජාවාරමක්

( තිලකරත්න දිසානායක)

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත  -  මීරිගම කොටසෙහි ඇතැම් ප්‍රදේශයන්හි කොන්ක්‍රීට්වලට යොදා ඇති කම්බි කොටස් කපා යකඩ සදහා අලෙවි කෙරෙන ජාවාරමක්  සිදුවන බව වාර්තාවේ.

මාර්ගය සකස් කිරීමේදී කොන්ක්‍රීට් කොටස් සම්බන්ධ කිරීම පිනිස පිටතට යොදා ඇති කම්බි කොටස් හොර රහසේ කපන තත්ත්වයක් පවතින බවත්  මෙලෙස එම කම්බි කපාගෙන යාම හේතුවෙන් යළි සැකසීමේදී අමතර වියදමක් දැරීමට සිදුවන බවත් ව්‍යාපෘති සේවකයින් පෙන්වා දෙති. 

ගම්පහ සහ මීරිගම යන ප්‍රදේශ ආශ්‍රිතව දැනට ඉදිකිරීම් කටයුතු නතරවී ඇති ස්ථානයන්හි කම්බි කපා යකඩවලට අලෙවි කිරීම සිදු කෙරෙන බවත් මෙලෙස කම්බි කැපීම මත යළි ඉදිකිරීම් සිදු කිරීමේදී ජනතා මුදල් වැය කිරීමට සිදුවන බවත් ව්‍යාපෘති සේවකයින් පිරිසක් කියා සිටියහ. 



අදහස් (2)

මධ්‍යම අධිවේගීයේ කඩවත-මීරිගම කොටසෙහි කම්බි කපන ජාවාරමක්

පිටිගල මිලානෝ Thursday, 25 August 2022 12:56 PM

පාලකයාගේ සිට පාලිතයා දක්වා අවභාවිතාවටම උපන් රටක්. පිටරට ඉන්න අපිට ඔලුව රිදෙනවා මේවා දැකලාම...

:       0       0

සංඛ Thursday, 25 August 2022 01:33 PM

ගම්පහ නගරය අවට ගම්මාන වෙන අකරවිට, කොස්ඕවිට, පහලගම, මාකිලංගමුව, රත්මල්විට යන ගම්මානවල ඉන්න කුඩ්ඩන් සහ පල් හොරුන් තමා ඔව්වට වගකියන්න ඕනෑ. ගෙදරක යකඩ කෑල්ලක් නෑ. පොල්ගහක ගොක් අත්තක්, පොල්මලක් නෑ. කෙහෙල් කැනක් පේන්න නෑ. සේරම කුඩ්ඩන් උස්සන් ගිහින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site