IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මධ්‍යම අධිවේගය අවසන් කරන්න ජනපති කැබිනට්ටුවෙන් අනුමැතිය ඉල්ලයි

මධ්‍යම අධිවේගයේ පළමු කොටසේ වැඩ අවසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 කට සමාන යුවාන් ණයක් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 438 ක් වෙනම ලබා දීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට යුවාන් මුදල් ඒකකයෙන් ආදායමක් නොලැබෙන බැවින් ලබා ගන්නා එම ණය ආපසු ගෙවන විට සංචිතයේ තිබෙන ඩොලර් චීන යුවාන් මුදල් ඒකකයට පරිවර්තනය කිරීමට රජයට සිදුවනු ඇතැයිද ආරංචි මාර්ග පැවැසුවේය.

එලෙස කටයුතු කිරීම සඳහා මුල් වාණිජ කොන්ත්‍රාත් ගිවිසුමට සංශෝධනයක් අවශ්‍ය වන අතර, ඒ සඳහාද ජනාධිපති අනුර කුමාර දිසානායක කැබිනට් අනුමැතිය ද ඉල්ලා ඇත.

ණය මුදල යුවාන් මුදල් ඒකකයට වෙනස් කරන ලෙස චීන එක්සිම් බැංකුව රජයෙන් ඉල්ලීමක් කර ඇති බවද අනුර කුමාර දිසානායක මහතා පැවැසුවේය.

 



අදහස් (4)

මධ්‍යම අධිවේගය අවසන් කරන්න ජනපති කැබිනට්ටුවෙන් අනුමැතිය ඉල්ලයි

යෝගා Monday, 18 August 2025 08:02 AM

මුලින්ම අනුරත් ප්‍රධාන කොටස්කරුවන් වෙච්චි යහපාලන ආණ්ඩුව දේශපාලන කුහකකම නිසා මධ්‍යම අධිවේගයේ වැඩ අතරමග නතර කළා. ඊටපස්සේ දේශපාලනෙන් මොලේ හේදුණු මෝඩ ගෑනියෙක් පණුකරඳ ගහක් අල්ලාගෙන බාධා කළා. එහෙම නොවුණා නම් දැන් යන වියදමෙන් විශාල කොටසක් ඉතුරු වෙනවා. අධිවේග මාර්ග වලින් හොරා කෑවා කිව්වාට අල්ලපු හොරෙකුත් නෑ...

:       3       5

ලුම්බිණි Monday, 18 August 2025 08:03 AM

ණය මුදල ඇමරිකන් ඩොලර් වලින් නොදෙන්නේ ඇයි?

:       1       1

මාලිමාගැත්තා Wednesday, 20 August 2025 02:22 PM

අධිවේග හදන්නෙ මී කිරි ගේන්නද ? ඕවා වැඩක් නෑ. කරත්ත පාරවල් හොඳයි. කට උල් කර කර අත ගුළි කර කර...

:       3       3

prasanna Thursday, 21 August 2025 04:15 PM

ඕක නාමල් අවම අවුරුද්දෙන් ඉවර කරනවා. පුළුවන් නම් ලුණු ටිකක් ගෙනල්ල දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 188 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2070 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site