( තිස්ස කොටින්කඩුව)
පමුණුගම නුගපේ පවත්වා ගෙන ගිය තෙල් හා මේද ආශ්‍රිත ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක අපනයනය කිරීම සදහා ගබඩා කොට තිබු කල් ඉකුත්වු බටර් කිලෝ 10,000 සහ දේශීය වෙළෙද පොලට බෙදා හැරීමට සුදානමි කොට තිබු තෙල් හා මේද ආශ්‍රිත විවිධ වර්ගයේ කල් ඉක්තු වු ආහාර ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.එස්.එම්.හිජාස් මහතාගෙන් මේ පිළිබදව විමසීමේදී ඔහු පවසා සිටියේ එක පැකටි එකක කිලෝ 5 බැගින් පැක්කර තිබු කල් ඉකුත් වු බටර් පැකටි 2000 ක් ගබඩා 04ක තිබියේදි සොයාගත් බවත් ඒ ගබඩා 04 ටත් කල් ඉක්තු වු තෙල් හා මේද ආශ්‍රිත නිෂ්පාදන වු බටර්,ගී.මාජරීන්,පොල්තෙල් සහ ෆාම් ඔයිල් ඇතුලු විවිධ ආහාර ද්‍රව්‍යයන් ගබඩා කර තිබු අඩි 40 බහාලුම් 10 කටත් සීල් තැබිමට කටයුතු කළ බවයි.
ඒ අතරම කල්ඉකුත් වීම නිසා වෙළෙද සැල් වලින් යලි කර්මාන්තශාලාවට ගෙන එන මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදිත විවිධ ආහාර ද්‍රව්‍ය පැකට්වල නිෂ්පාදිත දිනය මෙන්ම කල්ඉකුත් වන දිනය වෙනස් කොට නැවත වෙළෙද පොලට නිකුත් කිරීමට සුදානම් ආහාර ද්‍රව්‍ය ගබඩා කර ඇතැයි සැක කෙරෙණ තවත් බහාලුම් 8 මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන්ගේ වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා සීල් තැබිමට කටයුතු කල බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයා සදහන් කර සිටියේය.
150 දෙනෙකු ගෙන් පමණ සේවක පිරිසකගෙන් සමන්විතවු මෙම කර්මාන්ත ශාලවේ නිෂ්පාදන වැඩ කටයුතු මේ වන විට තාවකාලිකව නවතා දමා ඇත.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මේද ආශ්‍රිත ආහාර නිෂ්පාදන තොගයකට සීල් :ආයතනය වහයි
sam Sunday, 13 August 2023 01:35 PM
මේ වගේ ආහාරයට නුසුදුසු ආහාර වෙළෙඳ පොළට නැවත යවන මොවුන්ගේ පවුල් පිටින් හැඳි ගෑවිලා ගොම ගෑවිලා යන්න ඕනෑ...