IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මැදවච්චියේ රක්ෂිතයක් හෙලිපෙහෙලි කළ දෙකක් අත්අඩංගුවට

(රොමේෂ් මධුෂංක)

මැදවච්චිය පොලිස් වසමේ තලගහවැව රක්ෂිතයේ නෙලුවැව ප්‍රදේශයෙ කැලෑවක නීතිවිරෝධීව කැටපිලර් යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් නෙලුවැව ප්‍රදේශයේ කැලෑවක කැටපිලර් යන්ත්‍රයක් යොදාගනිමින් රක්ෂිතයේ අක්කර 05 කට අධික ප්‍රමාණයක් එලිපෙහෙලි කරමින් සිටියදී මෙම වැටලීම සිදු කරන ලදි.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලදාරීන් විසින් අදාල සැකකරුවන් දෙදෙනෙකු සමගින් කැටපිලර් යන්ත්‍රයද අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සාලියවැව සහ මැදවච්චිය ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් සහ සහ කැටපිලර් යන්ත්‍රය මැදවච්චිය අඩවිවන නිලධාරී කාර්යාලයට වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා භාර දීමට වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගන්නා ලදි.



අදහස් (0)

මැදවච්චියේ රක්ෂිතයක් හෙලිපෙහෙලි කළ දෙකක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 553 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site