IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මුදල් හා රන් ආභරණ බැංකුවක තැන්පත් කළ කතක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් කෝටි දෙකකට ආසන්න මුදල් සහ රන් ආභරණ තොගයක් බැංකු ශාඛාවක තැන්පත් කර තිබූ කාන්තාවක් ග්‍රෑන්ඩ්පාස් පර්ගියුසන් පාරේ නිවසකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

රුපියල් ලක්ෂ 36 ක පමණ මුදලක් ස්ථිර තැන්පතු ගිණුමක සහ ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කර තිබීම හා පවුම් 60 කට අධික බර රන් භාණ්ඩ තොගයක් බැංකු ශාඛාවක ආරක්ෂිත සේප්පුවක් තුළ සඟවා තිබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

 



අදහස් (3)

මුදල් හා රන් ආභරණ බැංකුවක තැන්පත් කළ කතක් අල්ලයි

සමිත අලුත්ගමගේ. Tuesday, 30 August 2022 07:31 AM

මේ හොර, මැර, වංචා සෙවීමේ හා ඒවාට දඬුවම් දීමට කටයුතු කිරීම ගැන පොලීසියට අපගේ ස්තූතිය... ඇමරිකාවේ හිටපු ජනපතිවරයෙකුගේ ලිපි ලේඛන පරීක්ෂා කොට ඔහුගේ කිසියම් දේවල් ගැන සොයාගැනීමක් සිදුකොට තිබුණා. අපේ රටේත්, ජනතාවගේත්, දේශපාලකයාගේත්, බලවතා හා දුගියාගේත් වරදට නීතිය හා පොලීසිය එකසේ ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් සකස් කළ හැකි නම් එය කෙතරම් අගනේද? දේශපාලනයට ඒමට පෙර සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත් වූ අය දේශපාලනයට ආවාට පසු මහපරිමාණ ධන සම්භාරයක් උපයාගෙන ඇති අතර ඒවා ගැන, ඒවා ඉපැයූ ආකාරය ගැන, පරීක්ෂා කිරීම වැදගත් දෙයක් කියා අපේ රටේ වගකිව යුතු අංශ නොසිතන්නේ මන්ද..?

:       0       0

ලුම්බිණි Tuesday, 30 August 2022 09:20 AM

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය බලන්නේ ලක්ෂ 36ක් වගේ දේවල් විතරද? මිලයන හත් අටසිය ගණන් තියාගෙන ඉන්න දේශපාලකයින් ගැනත් බැලුවානම් නේද හොඳ?

:       0       0

Ohno Tuesday, 30 August 2022 02:18 PM

බැංකු ශාඛාවක ආරක්ෂිත සේප්පුවක් තුළ සඟවා තිබී ඇතැයි ??? WTF බැංකු සේප්පුව තැන්පත් කිරීම... මුන් මෙවා ලියන විදියට සාමාන්‍ය මිනිස්සු ඔක්කෝම බැංකු සේප්පු වල දාපු ඒවා ගතහොත්, බැංකු සිස්ටම් එක හාන්සි වෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 418 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site