IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුදල්-පරිපාලන ලේකම්වරුන් අවුරුදු 3ක් හිරේට යවනවා

(සුජිත් හේවාජුලිගේ)

මැතිවරණයකට බාධා කිරීමේ වරදට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ අවුරුදු තුනක් හිරේට යවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මැතිවරණයකට බාධා කරන ඕනෑම නිලධාරියකු  හෝ පුද්ගලයෙකු වසර තුනක් හිරේට යැවිය හැකි වරදක් බව පැවසූ මන්ත්‍රීවරයා ඡන්දයට අයවැයෙන් කල්තියා  මුදල් වෙන් කර ඇතැයිද  ප්‍රකාශ කළේය.

මේ අතර සීනි බදු වංචාවෙන් නැති වූ මුදල් වලින් ඡන්ද දෙකක් කළ හැකි බවත්  රටේ මුදල් නැති කළ පිරිස ගෙදර යැවීම සඳහා පළාත් පාලන  ඡන්දය අනිවාර්යෙන්ම තැබිය යුතු බවත්  ඔහු ප්‍රකාශ කළේය.

අනුර දිසානායක මහතා මෙසේ පැවසුවේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.



අදහස් (16)

මුදල්-පරිපාලන ලේකම්වරුන් අවුරුදු 3ක් හිරේට යවනවා

ලක්සිරි Saturday, 21 January 2023 06:18 PM

කලුවලාවේ සුදු ඡායාවක් පේනවා ඉවසා බලාගෙන ඉන්නම් .ඡන්දයට පෙර භාගයක් වත් අපේක්ෂා මතුවුනොත් හොදයි.

:       8       75

ලක්සිරි Sunday, 22 January 2023 05:59 AM

බ්‍රෝ ඒත් බ්‍රෝලගෙ වැඩ හරියට පරක්කුයි මොකද රැස්වීමක් සවස තුනහමාරට තියෙනවා කියලා තමයි දැන්වීමක් තිබුනෙ ඒත් එම වෙලාවෙ සිට සිංදුවෙන් කාලය ගෙව්ව මිස රැස්වීමක් කලේ නැහැ. රැස්වීම තිබුනෙ රාත්‍රි අටටත් පස්සෙ තමයි. චන්ද්‍රිකා වගේ වැඩපරක්කුවෝ වැඩක් නැහැ. හරියට වෙලාවට වැඩක් නොකරන අයට සහායක් දෙන්න අමාරුයි.

:       1       4

ganegoda Saturday, 21 January 2023 06:34 PM

ඒ ඔයා අවොත්නේ. අපි ආවෙත් එල්ලුම්ගස් යවනවා.

:       16       16

Upali Saturday, 21 January 2023 06:49 PM

"ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ අවුරුදු තුනක් හිරේට යවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය." දවල් හීන.

:       129       25

මැක්ස් Saturday, 21 January 2023 08:01 PM

දැන් එතකොට නීතිිප්‍රකාරව නඩු ඇහිල්ලක් ඕන නැද්ද අනාගත ජනාධිපතිතුමා? නීතිිය වෙන්නෙ ඔබතුමාගෙ නියෝග ද?

:       22       32

WijepalaSunday, 22 January 2023 06:07 AM

හරියට හරි ප්‍රශ්නයක් අහල තියෙනවා ඇත්තටම මෙම පක්ෂයේ අයවලුන් 1971 හා 1988 කාලයේ දඩුවම් දුන්නෙ නඩු අහල නොවෙයි තමයි මේකියන්නෙත් ඒකම වෙන්න ඇති එක් අතකින් ඒකත් වරදක් නැහැ මොකද දැනට ලංකාවෙ කිසිම නීතියක් රීතියක් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ ඇතිහැකි එවුන් උන්ට ඕන හැටියට වැඩ කරගන්නවා අහිංසක මිනිස්සු දුක් විදිනවා කැන්වසින් යනවුන්ට ආරක්ෂාව රැකවරණය හා පහසුකම් දෙනවා සුදුසුකම් අනුව කිසිවක් වෙන්නෙ නැහැ කවුරුහෝ ඒවා බලන්න කෙනෙකුත් ඕන නිසා මොහුගේ අදහස් හොදයි කියන්න පුළුවන්.

:       0       5

kamalSunday, 22 January 2023 08:10 AM

මේ ඔක්කොම එකයි. දැන් නඩු අහන විදියටම තමයි ඒ ගොල්ල ආවත් කරන්නේ.

:       1       6

nalins Saturday, 21 January 2023 08:16 PM

He was telling same thing in 2015 (always with Ranil Wickramasinghe) . No one has sent to jail. Don't try to fool us...

:       14       18

වටලප්පං Saturday, 21 January 2023 08:53 PM

අපි මේ පාර ඔබලාට ඡන්දය දෙනවා.හැබැයි දැන් කියන දේ බලයට ආවහම කරන්න ඕනා.

:       7       200

JEPPO Saturday, 21 January 2023 11:08 PM

එතකොට අර දසක 5/4 පෙර රණවිරැවන් සහ අහිංසක පුරවැසියන් ඝාතනය කළ 21 සියවසේ තෙවන දශකයේ මිනීමරැ පාදඩ ජෙප්පන්ව උංගෙ ආයුධ හෝදන්න එක්ක යංනේ නැතෙයි.

:       264       22

ravin Sunday, 22 January 2023 02:04 AM

ඔබ හරියටම හරි.එක එක හම්පඩ නාකි දේශකාපාලුවන්ගේ ටෙලිෆෝන් කෝල් වලට දෙකට නැමිලා වැරදි තීරණ ගත්ත ඔක්කොම නිලධාරීන්ට හිර ගෙදර හොඳ වැඩියි...උන්ව එළිමහන් සිර කඳවුරුවල වගාවන් කිරීමට යොමු කලයුතුයි,,මොකද මුන්ට හිර ගෙදර තියාගෙන කන්න දෙන්නේ වෙන්නේ මිනිස්සුන්ගේ මුදල් වලින්....එය වෙනස් කලයුතුයි..පාරවල් හදන්නත් මේ හොරුන්ව පාවිච්චි කළ හැක.

:       2       4

BamunuaravhchiSunday, 22 January 2023 10:16 PM

මෙන්න තවත් ගොන් පාට් එකක්. ජෙප්පෙක්ද කොහේද?

:       0       0

chithral Sunday, 22 January 2023 02:07 AM

නීතියට අනුව ඔය ලේකමාලා දෙන්නාටම අවුරුදු 3 කට කුරු ගනින්න යන්න සිදුවෙනවා.

:       1       2

viraj Sunday, 22 January 2023 02:10 AM

අනුර සහෝදරයා ඔය කියන දේවල් ඒ විදිහටම කරන්න ඕනා. ජාතික ජනබලයට ජය වේවා!!!

:       2       2

තර්ස්ත මාෂල් Sunday, 22 January 2023 08:21 AM

දැනුයි දැනගත්තේ බලය ලැබුනහම නඩු අහල හැමෝවම හිරේ දාන්න පුළුවන් කියල . ඒ එක්කම මෙතෙක් කල් වියදම් කරපු සල්ලිත් , රැකියාවක් නැතුව මුදල් හෙව්වේ කොහොමද කියන එකට නඩු දාගන්න ඉස්සර වෙලා, ජනතාවට ආදර්ශයක් වෙන්න . දුෂිතයන්ට දඩුවම් කරන්න ඕන , ඒක හරි . නමුත් ඔබ නඩු අහන්න යන්නේ චන්දෙ ගන්න ජනතාව රවටන්න , අර, ලග තියාගෙන ඉන්න ලිපිගොනු වගේ . අනික මතක තියා ගන්න , අරගලය ඔබේ නෙමේ , ලකුණු ගන්න හැදුවට . පීඩිත ජනතාවගේ . රටක් බේරා ගැනීමට උතුරේ යුද්දයක් තියෙද්දී , දකුණේ යුද්දයක් ආරම්බ කලේ කාගෙන් ලැබුණු කප්පමක් මතයි ද කියල නඩුවකුත් දාගන්න .

:       3       7

Bamunuarachchi Sunday, 22 January 2023 11:55 AM

කවුද මේ? ඕවා කරන්න පුළුවන්ද පළාත් පාලන ඡන්දෙන්?

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site