IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මුදල් නැතිව ආයතන රැසක වැඩ නවතී?

අජන්ත කුමාර අගලකඩ

මුදල් නොමැතිවීම හේතුවෙන්, අමාත්‍යංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ.

මේ තත්වය මත එම ආයතනවල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම ද බරපතළ ගැටලුවක් වී ඇතැයි ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සඳහන් කළහ.

ඇතැම් ආයතනවල එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සොයා ගැනීම මෙන්ම,අත්‍යවශ්‍ය සේවකයන් සදහා අතිකාල දීමනා ගෙවීම් ආදිය ද බරපතළ ගැටලුවක් වී ඇතැයි දැනගන්නට ඇත.

අමාත්‍යංශවල අලුතෙන් ව්‍යාපෘති ආරම්භ කිරීම පමණක් නොව, ආරම්භ කළ ව්‍යාපෘති පවා පවත්වාගෙන යෑමද බරපතළ අර්බුදයක් වී ඇතැයි වාර්තා වේ.

මේ අතර ,සෞඛ්‍ය ,අධ්‍යාපන ,මහාමාර්ග ,නිවාස ආදී අමාත්‍යාංශවල ,කොන්ත්‍රාත් කරුවන් හා සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති හිග බිල්පත් ප්‍රමාණය කෝටි විසිදහසකට අධික බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි

රජයේ සංස්ථා-මණ්ඩල ගණනාවක සේවක වැටුප් ගෙවීම ද මේ වන විට බරපතළ අර්බුදයකට ලක්ව ඇත

මේ අතර ,රාජ්‍ය බැංකු දෙකෙන් මුදල් නිදහස් නොකිරීම හේතුවෙන් වී අලෙවි මන්ඩලය වී මිලදී ගැනීම ද මේ වන විට නතර කර ඇත.

 



අදහස් (26)

මුදල් නැතිව ආයතන රැසක වැඩ නවතී?

ගාමිණී කරුණාරත්න Saturday, 17 September 2022 10:11 AM

ඔවු අනේ සමහර ආයතනය එක එක නම් වලින් ලොකු ලොකු තනතුරු හදගෙන ලොකු ලොකු පඩි ගන්නවා. සමහරු පුටු සහ පුපවල් රත්කරකර ඉන්න අය ලග තියාගෙන මහජන මුදල් කාබාසිනියා කරනවා. මේවා හොයලා ඈවරකරලා දාන්න.

:       1       74

sirisenaSaturday, 17 September 2022 09:46 PM

මුදල් නැතිව ආයතන රැසක වැඩ නවතී? වැටුප් ගෙවීමට නොහැකි තත්වයක් මතුවේද

:       0       6

බද්රානිMonday, 19 September 2022 09:16 PM

ඇත්තෙන්ම ඔව්. මුදල් නැත්නම්, පඩි ගෙවීම නවත්වන්න ඕනා. අන්න එතකොට තමයි ඇඟවල් වල තෙල අඩුවෙලා මොලය පෑදෙන්නේ. ආයේ කතා දෙකක් නැහැ රාජ්‍ය සේවය බංකොලොත්වී, රාජ්‍ය සේවකයින්ව හිඟමනටම වැටෙන්නයි අපි නම් ප්‍රාර්ථනා කරන්නේ!! රාජ්‍ය ආයතනයකට ගියාම මොවුන්ගේ ලොකු කම් දැකලා ඇතිනේ හැමෝම..

:       1       4

pakeer Saturday, 17 September 2022 10:21 AM

මොන පිස්සුද? රාජය තාමත් සල්ලි නාස්ති කරනවා ඕන තරම්. බලන්න තාමත් කොච්චර පරිගනක අලුතෙන් මිලට ගන්නවද කියලා. වාහන පාවිච්චි කරනවද කියලා. තාමත් අදාල නැති එව්වොන්ව ගොදර යවන්නේ නැතුව සේවා දිගු දෙනවාද කියලා. තාමත් මේක හරි ට්‍රැක් එකේ නැහැ.

:       3       61

ravin Saturday, 17 September 2022 10:25 AM

රාජ්‍ය ආයාතනවල අත්‍යාවශය කටයුතු පවා පවත්වාගෙන යාමට පවා මුදල් නැති අවස්ථාවලදි පවා මන්ත්‍රීවරුන්ගේ රක්ෂණ වාරිකය මාසකයට රුපියල් 150000.00 කින් පමණ වැඩි කිරීමට අනුමැතියදී ඇති බව මෙහිම ප්‍රවෘත්තියක් දැක්කා.

:       1       57

මොහොඩයා Saturday, 17 September 2022 10:37 AM

හොඳ වැඩේ, පින්පඩි ගන්න අදාල ආයතනවලට ගිය සේවකයින්ට පඩි ගෙවීම ප්‍රමාදවෙන තරමට රස්සාව දාලා යාවි. රටට හොඳයි..

:       8       41

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 17 September 2022 11:42 AM

රටේ මුදල් ඇතිතරම් මංකොල්ල කාලා රට බංකොලොත් කළ අය තාමත් මහජන මුදලින් නඩත්තු කරනවා. මේ කම්බ හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. පොහොට්ටු අන්ධයින්, හොරුන් හා මංකොල්ලකාරයින් රකිනවා. ඇතැම් දුසිල් බමුණන් හොරුන්ට ආශීර්වාද කරනවා. ශීලය නැති ආශිර්වාදයෙන් වැඩක් නොවුණත් රටේ ජනතාව නොමග යෑමෙන් රට කෑ අය ආරක්ෂා වෙනවා. මේ රටෙන් හොරා කෑ සියලු දේ නැවත ලබාගත යුතුව ඇත.

:       1       53

Ano Saturday, 17 September 2022 12:00 PM

ඒ වුණාට ඇමැතිවරුන්ගේ නම් වියදම් අඩුවෙලා නෑ...

:       0       46

Willow Drive Saturday, 17 September 2022 12:03 PM

තව ඇමතිකම් 50-100 දුන් නාමල්?

:       0       29

ganegoda Saturday, 17 September 2022 12:12 PM

දැන්වත් පාර්ලිමේන්තුව විසුුරුවා හැරලා මැතිවරණයක් තිබ්බා නම් නේද? හොඳ කියන එක තමයි ඇඟට ගුණ...!

:       5       40

thushaan Saturday, 17 September 2022 12:13 PM

තව ඇමැතිවරු ටිකක් පත්කළානම් හරි නේද?

:       0       36

සිල්වා Saturday, 17 September 2022 12:48 PM

රටට කිසිම බරක් නැතිව තවත් ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු ටිකක් පත්කර ගත්තා නම් මුදලුත් ඉතුරුයි... වැඩ ටිකත් කෙරෙයි.

:       0       31

samaadi Saturday, 17 September 2022 01:51 PM

හැම මැති ඇමැති අගමැති ජනාධිපති කමක්ම, ‘‘ස්වයං සේවාවන්‘‘ බවට පත්කෙරුවා නම් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ නේද?

:       0       26

ගමේ එකාලා Saturday, 17 September 2022 03:11 PM

රටම බංකොළොත් කරපු දූෂිත දේශපාලුවන් මේ හැම දේකටම වගකිව යුතුයි. තව තවත් අලුතින් ඇමැතිකම් දීලා දූෂිතයින් ටික රැකගත්තාම ඔක්කොම හරියයි.

:       1       21

නිමේෂ් Saturday, 17 September 2022 03:12 PM

රටේ මෙච්චර මුදල් අර්බුදයක් තියෙද්දීද , හතරවටේට ඇමැතිකම් බෙදන්නේ? ජනාධිපතිතුමා ලෝකය වටේ සවාරි යන්නේ?

:       3       22

Santhu Saturday, 17 September 2022 05:12 PM

මොනතරම් කිව්වත් "බීරි අලින්ට වීණා වයනවා වගේ" තමයි. වගේ වගක් තියේයැ? අරගල කලාලු මොකක්ද වුණේ? රනිල්ට හරි ගියා. අපි හිටියැයිනුත් පහළට වැටුණේ... මෙන්න මේ වෙලාවට තමයි මරාගෙන මැරෙන කල්ලි වැඩ පෙන්වන්න ඕනෑ...

:       7       11

සුරංග Saturday, 17 September 2022 08:18 PM

ඕක මොකක්ද පසුගිය කාලයේ රටම නැවතිලා තිබුනා කියලා අමතකද කලාතුරකින් කෙනෙක් දණගාන්නෙ නැතුව නැගිටිනවා.නමුත් ලංකාව නැමැති රෝගියා සිටියේ මරණාසන්න අවස්ථාවෙ කියලා නොදන්නා කෙනෙක් නැහැ ඉතින් ටිකින් ටික නැගිටිනවා මිස එකවර නැගිටින්න බැරුවා

:       3       8

Demuni Uduwara Sunday, 18 September 2022 12:33 AM

මම ඔබේ OT, ලිපි ද්‍රව්‍ය, වැටුප් යනාදිය ගැන තැකීමක් නොකරමි. මම රැජිනගේ අවමංගල්‍ය කටයුතු සඳහා එංගලන්තයට යනවා!

:       1       7

LGPJ Sunday, 18 September 2022 06:06 AM

වත්මන් රජයට බියගම මුද්‍රණාලයෙන් කලින් කළ පරිදි නෝට්ටු මුද්‍රණය කිරීම සහ කාසි සෑදිය හැකිය!!!!!!!

:       0       8

Sarath Sunday, 18 September 2022 09:04 AM

අරගලයෙන් මොඩයයි තක්කඩියයි එලෙව්වේ නැත්නම් මෙයට වඩා විනාශයක් රටට වෙලා

:       1       9

sriyal Sunday, 18 September 2022 09:06 AM

රාජ්‍ය ආයතන විධිමත්ව කලමනාකරනය කරන්න වැඩ කරන පැය ගණන ට නොව වැඩ කරන ආකාරයට ගෙවීම කරන්න. වෙනස දකීවි

:       0       5

mahesh perera Sunday, 18 September 2022 12:15 PM

දේශපාලුවන් විසින් රටම විනාශ කළා .ඒවායේ පලවිපාක තමයි මේ

:       1       7

tharushaumesh Sunday, 18 September 2022 12:19 PM

පෞද්ගලික ආයතන වල සේවකයන්ගේ වැටුප් වැඩි කලයුතුයි

:       0       6

randul ravimal Sunday, 18 September 2022 12:27 PM

එකම විසඳුම රට යාමයි

:       1       8

nimalfernando Sunday, 18 September 2022 12:34 PM

මිනිස්සු ජීවත්වන්නේ කොහොමද කියන එක ගැන දේශපාලුවන්ට කිසිම ගානක් නැත.ඒත් වහල්ලුන්ට මේවා නොපෙනේ

:       1       10

ganegoda Friday, 23 September 2022 12:17 PM

පවුල්වාදයෙන් අපට ලැබුණු ප්‍රතිඵල..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 511 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 233 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 514 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


ඉෂාන් මධූෂ ගැන තොරතුරු වෙතොත් දැනුම් දෙන්න
2025 මැයි මස 14 22 0

මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1413 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 845 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1435 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1624 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site