(සුජිත් හේවාජුලිගේ)
මුදල් ඇමැතිවරයාගේ අයවැය කතාව ලබන නොවැම්බර් මස 5 වැනිදා සිදු කෙරෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය ‘ලංකාදීප‘ යට අද (16) පැවැසීය.
සමහර දේශපාලන පක්ෂ අයවැය කතාව වෙනත් දිනයකට මාරු කරන්නැයි ඉල්ලීම් කළද අයවැය කතාව කරන දිනයේ වෙනසක් සිදු නොවන බවද වැඩබලන මහලේකම්වරිය කීවාය.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය ලබන මස 7 වැනිදා ආරම්භ වී 13 වැනිදා දක්වා දින හයක් පුරා පැවැත්වෙන බව කී රෝහණධීර මහත්මිය කාරක සභා විවාදය නොවැම්බර් 14 වැනිදායින් ආරම්භවී දින 19ක් පුරා පැවැත්වෙන බවද ප්‍රකාශ කළේය.
අයවැය තුන්වැනිවර කියැවීම හා ඡන්දය දෙසැම්බර් 8 වැනිදා පැවැත්වෙන බව වැඩබලන මහලේකම්වරිය පැවැසුවාය.
මේ අතර අයවැය කාලයේදී පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
27
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුදල් ඇමැතිගේ අයවැය කතාව නොවැම්බර් 5 වැනිදා