IMG-LOGO

මුදලිගේගේ සුවදුක් බලන්න සජිත් රාගම රෝහලට

(නිමල කොඩිතුවක්කු)

කැලණිය විශ්වවිද්‍යාලය අසළ සාමකාමී උද්ඝෝෂණයක නිතරව සිටිය දී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතාගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාගම රෝහලට පැමිණියේය.

එහිදී විපක්ෂනායකවරයා  වසන්ත මුදලිගේ මහතා මුනගැසී ඔහුගේ තත්වය සම්බන්ධයෙන් විමසා බලනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ නියෝජ්‍ය භාන්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ.

භාෂණයේ ප්‍රකාශනයේ හා අදහස් පළ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන් සනාථ කර ඇත බැවින් සාමකාමීව උද්ඝෝෂණය කිරීමට  හැකි  අවස්ථාවක රජය නිරතුරුවම ජනතාවගේ මූලික අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසන තත්ත්වයකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.

මෙරට ජනතාවට සිය ප්‍රජාතන්ත්‍රීය අයිතිය භාවිත කිරීමේ නිදහස පැවැතිය යුතු බවත් එය රජය අහෝසි කිරීම විපක්ෂයක් ලෙස තරයේ ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායකවරයා එහිදී කීවේය.

මැතිවරණය වළක්වා ඒකාධිපති පාලනයක් ගෙන යමින් ජනතාවගේ මූලික අයිතින් පවා උල්ලංඝනය කරන ආණ්ඩුව සමග කිසිදිනක තමාට හෝ තම පක්ෂයේ කිසිවකුටත් සම්බන්ධයක් නොමැති බවත් ජනතා විරෝධී ආණ්ඩුව සමග කිසිදින එක් නොවන බවත් විපක්ෂ නායකවරයා එහි දී තවදුරටත් පැවසීය.



අදහස් (10)

මුදලිගේගේ සුවදුක් බලන්න සජිත් රාගම රෝහලට

kapila Friday, 19 May 2023 06:12 PM

බොර දියේ මාළු බෑම...

:       9       47

යෝගා Friday, 19 May 2023 06:28 PM

ඊළඟට සජිත් ලෑස්ති වෙලා ඉන්නේ තමුන් අදහන ජෙරෝම් තුමාගේ සුවදුක් බලන්න යන්න. එක්කෝ වැලිකඩට නැත්නම් අංගොඩට...

:       9       43

අරවින්ද මොනරවිල Friday, 19 May 2023 06:50 PM

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුයි, තව ටිකකුයි ඕනෑ වගේ සජිත් ජනාධිපතිවරණය දිනන්න ඕනෑ ඡන්ද "ටික" හොයනවා...

:       6       36

Risa Friday, 19 May 2023 08:06 PM

මෙයාගේ හතර හන්දි කඩන්න ඕනේ... මේ කාලකන්ණි තමයි විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න ඕනේ... ළමයින්ටත් ඉගෙන ගන්න දෙන්නේ නැත්තේ...

:       13       42

GaminiFriday, 19 May 2023 10:06 PM

හරියට හරි... ඕවා දෙමව්පියන්ගෙන් ආපු ජන්ම ගති.

:       0       1

මහසෙන් Friday, 19 May 2023 10:52 PM

සුව දුක් බලන්න ගිහින් බෙහෙත් ජාති එහෙම නියම කරලා නැද්ද? මෙයා නියම වෙදෙක්, ඉස්සරහට ඔහොම තමයි කරන්න වෙන්නේ....

:       0       1

Jayalath Saturday, 20 May 2023 04:32 AM

බොරදියේ මාලුබාන්න ගිහින් තියෙන ඡන්ද ටිකත් නැතිකර ගන්නවා මේ පිලිල බලන්න ගිහින්...

:       0       4

කිරිපුතා Saturday, 20 May 2023 10:05 AM

පව් පුතාණෝ... කාලකන්නියෙක් බලන්න ගිහින් ලකුණු ටිකක් දාගන්න. බලයේ හිටියා නම්...!

:       0       3

kasun Saturday, 20 May 2023 11:29 AM

මෙයා රාගම රෝහලේද සේවය කරන්නේ..? ලෙඩක් තියෙන බවක් නම් පේන්නේ නැහැ. ලප අයියා ආවේ නැද්ද දන්නේ නැහැ.

:       0       4

Bamunuarachchi Monday, 22 May 2023 05:49 AM

අතට අත දෙනකොට පුටුවෙන් නැගිටින්න මුන්ට පුරුදු කරලා නැද්ද වැදී මුත්තා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 398 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 960 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1344 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site