ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල නිවස පිහිටා ඇත්තේ නවදිල්ලි අගනුවර අංක 7 ලෝක් කල්යාන් මාර්ග් ලිපිනයේය.
මෝදිගේ තනි නොතනියට, නිල නිවසට තවත් අලුත් සාමාජිකයකු එක් වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කළේ අග්‍රාමාත්‍යවරයා සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ ඡායාරූප සහ තොරතුරු පාදක කර ගනිමිනි.
මෙම අලුත් සාමාජිකයා අලුත උපන් ගව පැටියෙකි. මෝදි ඌ නම් කර ඇත්තේ 'දිප්ජෝති' යනුවෙනි. මෝදිගේ නිල නිවසයට විශාල ගෙවත්තක් ද ඇතුළත්ය එහි ගවයන් කීප දෙනෙක් වාසය කරති.
හින්දු සංස්කෘතියට අනුව, හින්දු භක්තිකයන්, ගවයා දේවත්වයෙන් සලකයි. ඒ ක්‍රිෂ්ණා දෙවියන් සමඟ ඇති සම්බන්ධය නිසාය. මෝදි ද දැඩි හින්දු භක්තිකයෙකි.
'ගව මාතාවකට' පැටියකු උපන්නා. මේ ඉන්නේ එයා. එයාගේ නම 'දිප්ජෝති' යැයි මෝදි අලුත උපන් එම ගව පැටවා සුරතල් කරමින් සිය එක්ස් ගිණුමේ ඡායාරූප සහ අදහස් පළ කර ඇත.
මෝදි ගව පැටවා සුරතල් කරන වීඩියෝ දසුන් ද මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෝදිට අලුත් යාළුවෙක්