ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වරණාසි නුවර සංචාරයක නියැලුණි. ඒ, නගර වැසියන් හමු වී ඔවුන්ගේ සුව දුක් විමසමින්, නගරයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ද ආරම්භ කරමිණි.
ආරක්ෂක නිලධාරීන් පිරිවරාගත් මෝදිගේ රථ පෙළ, වර්ණාසි නගරයේ වීදි සංචාරය කරමින් සිටියදී, රෝගියකු රැගෙන ලහි ලහියේ රෝහලට යන ගිලන් රථයක්, එම රථ පෙළ ගමන් කරන්න වූ විදියට පැමිණ ඇත.
ගිලන් රථයේ සයිරන් හඬ ඇසුණු සැණින්, තම රථ පෙළ මාර්ගය අයිනට ගෙන, ගිලන් රථයට, ඒවා පසු කර යෑමට වහා ඉඩ දෙන්නැයි මෝදි ආරක්ෂක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එම දසුන් මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී තිබේ.
උත්තර ප්‍රදේශ් ප්‍රාන්තය අග්‍රාමාත්‍ය මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ බලකොටුවකි. වරණාසි මෝදිගේ පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශයයි. ඉන්දීය රුපියල් කෝටි 19,000 ක වියදමින් වරණාසි නගරයේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරුණි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
84
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2022
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෝදිගේ රිය පෙරහැර ගිලන් රථයකට ඉඩ දීලා
ravin Monday, 18 December 2023 10:28 AM
අන්න මිනිස් ජීවිත අගයකරන නායකයෝ .අපේ රටෙත් එහෙමලු
සරත් කුමාර Monday, 18 December 2023 12:49 PM
ලංකාවේ දැන් දේශපාලකයින්ගේ රිය පෙරහැර කථාව ටිකක් වෙනස්. තාම මිනිස්සු ගල් පාරක්වත් දෙයි කියලා බය තියෙනවා කට්ටියට. දැන් කරන්නේ ට්‍රැෆික් පොලිස් දාලා හෙමීට වාහන ටික දාගන්නවා. තව ටික කාලෙකින් කට්ටිය සුපුරුදු තැටිය දානවා. මොකද මිනිස්සුත් ආයෙම පරණ ගොංකම එලෙසම තිතට කරනවානේ....
ගජමිතුරු Monday, 18 December 2023 01:11 PM
වත්මන් ජනාධිපති විපක්ෂයේ නායක කාලයේ අනුරාධපුර ප්‍රදේශයේ සංචාරයේ යෙදෙන අවස්ථාවක හිටපු මහ ඇමති ප්‍රේමලාල් ප්‍රදේශයේ සියලු රෝහල් වල ගිලන් රථ රනිල්ගෙ ගමනට බාධා කරන්න යෙදුවා කියලා ඒ කාලයේ ආරංචියක් ලැබුනා අන්තිමේ එහෙම කරපු කෙනාගෙ පුතා රනිල් අගමැති යටතේ ඇමති තනතුරු දැරුවා.
Perera Tuesday, 19 December 2023 02:22 AM
ලංකාවේ ඕනෑම දේශපාලුවකුගේ රථ පෙළකට ගිලන් රථයත් ඉඩ දෙන්න ඕනේ
Nadadawa withanage sisira kumara Tuesday, 19 December 2023 06:06 AM
අපේ අය නම් ඔහොම කරයිද ?