IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මෘදුකාංග ශිල්පියා කෝටි ගණනකට විදලා

(නිමන්ති රණසිංහ)

පිලිකා රෝගීන් සහ වකුගඩු රෝගීන්ගේ සැත්කම් සදහා මුදල් පරිත්‍යාග කරන ලෙසට සදහන් පුවත්පත් දැන්වීම්වලට අමතා මුදල් පරිත්‍යාග කරන බව පවසමින් ඔවුන්ගේ තොරතුරු ගෙන අන්තර්ජාල මුදල් හුවමාරු මෘදුකාංගයක් ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළැයි කියන එරාවුර් ප්‍රදේශයේ පදිංචි පරිගණක මෘදුකාංග ශිල්පියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකරු ඕස්ටේ්‍රලියාවේ මෘදුකාංග ශිල්පියකු ලෙසින් උපාධිය හදාරා මෙරටට පැමිණ සිටි පුද්ගලයකු බවත් මොහු පුවත්පත් දැන්වීම් මගින් අදාළ රෝගීන්ගේ මුදල් අවශ්‍යතාව තහවුරු කරගනිමින් මෙම මුදල් වංචාව සිදුකර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සදහන් කළේය.

සැකකරු අසරණ රෝගීන්ගේ තොරතුරු සොරා ගනිමින් වංචා සහගත ලෙස මෙම මුදල ලබා ගෙන ඇත්තේ අන්තර්ජාල මුදල් හුවමාරු මෘදුකාංගයක් ඔස්සේ වෙනත් බැංකු ගිණුම් ආරම්භ කරගනිමින් බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්ත-ුව ප්‍රකාශ කළේය.

සැකකරු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

මෘදුකාංග ශිල්පියා කෝටි ගණනකට විදලා

ගමේ එකාලා Monday, 12 September 2022 08:56 PM

අහිංසක රෝගීන් ගසාකන පවුකාර වැඩ මේවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site