IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මෘදුකාංග ඉංජිනේරුවා දැරියන් තුනක් කෙලෙසලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

එකම පාසලක ඉගෙනුම ලබන පාසල් දැරියන් තිදෙනකු වරින් වර සිය සුඛෝභෝගී නිවසට රැගෙන ගොස් ලිංගික අපහරණය කළ බව කියන 30 හැවිරිදි විවාහක මෘදුකාංග ඉංජිනේරුවකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.

අතවරයට පත් 13 හැවිරිදි දැරියන් දෙදෙනකු සහ 16 හැවිරිදි දැරියක වෛද්‍ය පරීක්ෂණ සඳහා හොරණ දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුළත් කර ඇත.

සැකකරු දැරියන් අපහරණය සඳහා නිවසට රැගෙන යාමට යොදාගත් ඔහුට අයත් අති සුඛෝභෝගී මෝටර් රථය සහ ඒ සඳහා පෙළඹවීමට යොදාගත් ස්මාර්ට් වර්ගේ ජංගම දුරකථනයද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු මීට වසරකට පමණ ඉහතදී 16 හැවිරිදි දැරිය පාසලට පා ගමනින් යන අවස්ථාවේදී ඇයට උදව් කරන මුවාවෙන් මෝටර් රථයේ නන්වාගෙන යන අතරතුරදි ඇය සමග මිතුරු වී දහවල් කාලයේදී නිවසේ කිසිවකු නොමැති අවස්ථාවල තෙවරක් පාදුක්ක සිය නිවසට රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

මීට තෙමසකට පමණ ඉහතදී මෙම දැරිය ඇය ඉගෙනුම ලබන පාසලේම අට වසර පන්තියේ දැරියක අමතා " ඔයාට බෝයි ප්‍රේන්ඩ් කෙනෙක් ඉන්නවද ? නැහැ යැයි කියූ විට එක්කෙනකු ඉන්නවා. මම අඳුනලා දෙන්නද ? අසා ඇති අතර එම අවස්ථාවේදී අතවරයට පත් දැරියක් මට එයාගේ ෆොටෝ බලන්න ඕනේ යැයි පවසා තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව 16 හැවිරිදි දැරිය වට්සැප් තාක්ෂණය හරහා 13 හැවිරිදි දැරියගේ මවගේ ජංගම දුරකථනයට සැකකරුගේ ඡායාරූපයක් එවා ඇති අතර "මම එයාට කැමතියි" යනුවෙන් දැරිය එකඟත්වය පළ කර ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරු කරගත් පරිදි ඉකුත් සිකුරාදා (27) ඔවුනොවුන් හමුවීමට තීරණය කර ඇති අතර ඒ බව සැකකරු සමග දුරකථනයෙන් සබඳතා පැවැත්වූ 13 හැවිරිදි දැරිය සිය මිතුරියකට දැනුම් දී ඇය ද  සමග පෙම්වතා හමුවට යාමට එකඟතාවය පළ කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එහිදී සැකකරු දැරියන් දෙදෙනාව ඔහුගේ රාජකාරී කාමරය වෙත රැගෙන ගොස් මෙම ලිංගික අතවරය සිදුකර තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (6)

මෘදුකාංග ඉංජිනේරුවා දැරියන් තුනක් කෙලෙසලා

nimal Sunday, 29 June 2025 08:18 PM

දඬුවම්, අහවල් අවයවය කපලා ලුණු දාන්න...

:       1       2

විජේ Monday, 30 June 2025 02:26 PM

කෙල්ලන්ගේ නේද?

:       0       4

BBC Sunday, 29 June 2025 10:23 PM

අරමුදලේ විස්තර දැම්ම නම් තමයි හොඳ

:       3       0

shamika Monday, 30 June 2025 09:50 AM

දෙමව්පියන්ගේ වරද දරුවන් ගණන් අවධානය නොදීම

:       1       8

Nihal Monday, 30 June 2025 01:33 PM

බටහිර තත්වයටම පත්වෙලා, මේ සිද්ධි යුවතියන්ගේ කැමැත්තෙන්ම සිදුවුණු දේවල්...

:       0       8

කපුරුහාමි Monday, 30 June 2025 04:30 PM

මරු ඉන්ජිනේරුවා. මෘදුකාංගය පෙන්වන්න අරන් යන්න ඇති... ගිය කෙල්ලොත් ඊට හපන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site