IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැති සභා කමිටු මුල් පුටුවලට ලොකු පොරයක්


(සුජිත් හේවාජුලිගේ )

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් )  සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) ඇතුළු කාරක සභාවන්ට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් අතරේ  විශාල මතභේදාත්මක සහ  ගැටුම්කාරී  තත්වයක්  නිර්මාණයවී ඇති බව වාර්තාවේ.

ඇතැම් පත් කිරීම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් සිය නායකයන්ට විරෝධය  පළ කර  ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර පාර්ලිමේන්තු කාරක සභාවල මුල් පුටු ලබාගැනීමටද මන්ත්‍රීවරුන් පිරිසක් අතරේ මේදිනවල  දැඩි සටනක් ඇතිවී තිබෙන බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ක්‍රම සහ විධි පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස  මීට පෙර  කටයුතු කළ පාඨලී චම්පික රණවක මහතා එම කමිටුවේ සාමාජික මන්ත්‍රී ලේඛනයට හෝ ඇතුළත් කර නොතිබීම සම්බන්ධයෙන් ඔහු පක්ෂ නායකත්වය ඉකුත්දා  දැඩි ලෙස විවේචනය කළේය.
 



අදහස් (0)

මැති සභා කමිටු මුල් පුටුවලට ලොකු පොරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site