
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන්ත්‍රී දීමනාව ගෙවීම ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තුව පසුගිය 24 වැනිදා විසුරුවා හැරි හෙයින් එදින දක්වා ගණනය කර මන්ත්‍රී දීමනාව ගෙවීමට කටයුතු කෙරෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.
මීට පෙර එවැනි හිඟ බිල්පත් ඉදිරි මාසවලින් හෝ පියවා ගැනීමට හැකියාව තිබූ හෙයින් මාසික දීමනාව ගෙවීම ප්‍රමාදයකින් තොරව කළ බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.
මෙය මන්ත්‍රීවරුන්ගේ අවසාන දීමනාව හෙයින් එම හිඟ මුදල් සම්පූර්ණයෙන්ම කපා ගැනීම අවශ්‍යවී අැතැයිද ඔහු සඳහන් කළේය.
පසුගිය මාසයේ දීමනාව ප්‍රමාදවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් දැනටමත් විමසීම් කර ඇත.
සාමාන්‍යයෙන් මන්ත්‍රී දීමනාව මීට පෙර සෑම මසකම 27 වැනිදා වනවිට ගෙවා අවසන් කර තිබිණ.
COMMENTS
දැන් ඉතින් එම දොළ පිදේණියත් ඉවරයිනේ... හොරාකන්න පුළුවන්... අන්තිමට බත් පතටත් කෙළියා...! මෙහෙම කුම්භාණ්ඩයෝ දියවන්නාවේ ඔබන්න ඕනෑ...!
රටයි, රටේ ජනතාවයි පරිසමාප්තයෙන්ම හූරාගෙන කන්න පහළ වුණු අපතයින්... මොවුන්ව නැවත පාර්ලිමේන්තුවට පත් නොකිරීමට ජනතාව වගබලාගත යුතුයි.
කොහොමද අහේනිය? දිමනා දවස් තුන හතරක් පරක්කු වුණොත් සද්දෙ...! කාපු බීපු එව්වාටත් සල්ලි ගෙවන්න බෑනේ... ඉස්සර නම් කඩවල පූරුවක් ප්‍රදර්ශනය වුණ ණයට දීමෙන් මුදලත්, බදුත් නැතිවේය කියා...
මාර ආයතන, ගමේ කඩේ මුදලාලිත්, මාසෙන් මාසෙට බිල පියවාගෙනයි පඩියක් ගන්න කෙනෙකුට ණයට දෙන්නේ. මෙතැන වෙස්සන්තර භූමිකාව, දැන් 225 ම බැනුම් අහපල්ලා
මහජන මුදලින් ඔවුන්ට දුන් ආහාර වේල සඳහා මුදල් නොගෙවූ මන්ත්‍රීවරුන්ගේ, කැබිනට් ඇමැතිවරුන්ගේ නම් කරුණාකර හෙළි කරන්න.
සැබෑ හිඟන්නෝ ඉන්නේ පාර්ලිමේන්තුවේද ?
කලන්තේ දාලා වැටෙයි සෙට් එකම . මුන් තමා රට බංකොලොත් කරලා තියෙන්නේ
ඇයි මේ තක්කඩින්ට දෙන්නං කාසි වලට කෑම-බීම දෙන්නෙ? රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවට මොනවද රජයෙන් එහෙම දීල තියෙන්නෙ? පාර්ලිමේන්තු නිලධාරීන් සම්පුර්ණයෙන්ම වගකිවයුතුයි...කෝ.. මේ...පක්ෂ, පාට කරේ තියන් ඉන්න සහයට ඩැනීලා කට්ටිය?
මුන්ගේ සියලුම දීමනා නවත්තන්න ඕනා. සමහර දරුවෝ කන්න නතිව දුක් විදිනවා මුන්ට රජ සැප
වැල් පාලමේ ගියපු හැටි...