IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මැති සබෙන් ගෙදර යන පිරිසක් ගැන හිටපු ඇමැති කියයි

එළඹෙන මැතිවරණයේදී වත්මන් පාර්ලිමේන්තු සාමාජිකයන් 150 දෙනකුවත් මහ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ගෙදර යවනු ඇතැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ පාර්ලිමේන්ත මන්ත්‍රී රොෂාණ් රණසිංහ මහතා පැවැසුවේය.

ඇතැම් නායකයන් ශ්‍රී ලංකාව බංකොලොත් සමාගමක් කරල තියෙනවා. එම බංකොලොත් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය කැබිනට් මණ්ඩලය  බව රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාට රට බාර දීමට සුදුසු බව පැවැසුවේය. 1977 සිට 2023 දක්වා රට බංකොලොත් වූ වසර 45 ක කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ඇතුළේ සිට ඒ පිළිබඳ හොඳ දැනීමක් තිබූ නිසා  යැයි හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

රට බාරදී අවුරුදු එකහමාරක් තුළ රට ස්ථාවර කරාවි යැයි විශ්වාස කළත් එය එසේ නොවුණු බව රොෂාන් රණසිංහ මහතා පැවැසුවේය.

ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් ලැබුණු පසු සියලු ප්‍රශ්න විසදෙන බව ප්‍රකාශ කළත් එය රැවටීමක් බව රණසිංහ මහතා පැවැසුවේය.

ලබා ගන්නා ණය නිසි පරිදි කළමනාකරණයක් සිදු නොවන බවත් සිදු වන්නේ එදා වේල පිරිමැසීමක් බවත් රණසිංහ මහතා එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවැසුවේය.

 

 



අදහස් (9)

මැති සබෙන් ගෙදර යන පිරිසක් ගැන හිටපු ඇමැති කියයි

Indhika Wednesday, 13 December 2023 06:14 AM

රනිල් වික්‍රමසිංහ මහතාට රට භාර දීමට සුදුසු බව පැවැසුවේය. මෙය නිවැරදිද ?

:       3       6

Bamunuarachchi Wednesday, 13 December 2023 06:44 AM

අවරුදු 45 තිස්සේ බංකොලොත් භාවය කරා ගෙනාපු රටක්‌ වසර එකහමාරකින් ස්ථාවර කරනවා කියා හිතන්න තරම් ඔබ මෝඩයෙක්ද? Lie low, අනුන්ගේ අවධානයෙන් ඉවත් වෙන්න කාලය හරි.

:       0       11

Chandana Mohotty Wednesday, 13 December 2023 06:53 AM

225 පල් හොරු පලයන් ගෙදර.

:       1       12

chandima Wednesday, 13 December 2023 06:55 AM

ඒ කියන්නේ කට්ටියක් ආයෙත් එන්නත් හිතාගෙන ඉන්නවද ?

:       1       4

විජේපාල සිල්වා Wednesday, 13 December 2023 07:41 AM

ඔව් ඉතින් ඔවුන් වැඩිම පිරිසක් අවුරුදු 60 පැනල රජයේ සේවයේ හිටියනම් විශ්‍රාම ගත් අයනේ.දැන් ඉතින් රජකම් කිරීම අත් හැර ලොවෙන්ම යාමට නියමිත නිසා ගෙදර යැවීම කල යුතුය ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු තීන්දුව අනුව එහෙම පිරිසක් සිටි පක්ෂය හෝ සංවිධානය අතුගා දැමීමත් එහි හිටපු සියලු එවුනුත් සධාකාලිකව දේශපාලනයෙන් තුරන් කිරීමත් කල යුතුය

:       0       9

Susa Wednesday, 13 December 2023 08:00 AM

ඔයා හිතන් ඉන්නේ ඔයා ලබන පාර දිනයි කියලද ?පව් පොළොන්නරුවෙන් ඔල්ලන්නේ නෑ නේද ?පොලොන්නරුවම විනාශ කරා .ආයෙ කොහෙද ?

:       1       7

chamila priyantha Wednesday, 13 December 2023 08:25 AM

ඒ 150 ඇතුලේ ඔබතුමාත් ඉන්නවා

:       0       10

Prabha Wednesday, 13 December 2023 09:13 AM

ඔබත්ඔය කියන අයත් අතර තියෙන වෙනස කුමක්ද?

:       0       10

අරවින්ද මොනරවිල Wednesday, 13 December 2023 10:19 AM

150 ක් නොවෙයි 200ක් විතර ගෙදර යවනවා, ඒ අතර ඔයත් ඉන්නවා. බංකොලොත් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඔයත් හිටියා පස්සට පයින් ගහලා එලියට දානතුරු, ඒක දැන් ඔයාට අමතක වෙලා වගේ.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site