(ඩයනා උදයංගනී)
පාසල් දරු දැරියන් මත් උවදුරින් බේරා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ගෙනෙන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සිංගප්පූරුව වැනි රටවල් අනුගමනය කරන දරුණු දඩුවම් ලබා දිය යුතු යැයි කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
ඔවුන්ට මරණ දඩුවම නියම කිරීම සුදුසු බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පරීක්ෂා කිරීම් සිදුකළත්, එම උත්සාහය සාර්ථක කරගැනීමට නම් පාසල කරා මත්ද්‍රව්‍ය පැමිණෙන ප්‍රධාන මාර්ග අවහිර කළ යුතු බව ද අමාත්‍යවරිය කීවාය.
ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව පැවසුවේ මුල්විය සංවර්ධනය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පෙරපාසල් පාලිකාවන් හා නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය සම්පාදනය වැටලීම වහාම කළ යුතු අතර, අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යයන්ට සිදු වූ දේ හෙළි කිරීම ද මත්ද්‍රව්‍ය කාර්යංශයේ වගකීමක් යැයි ද අමාත්‍යවරිය දරුවන් අතට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට නම් ගුවන හා සාගරය ඔස්සේ මත්ද්‍රව්‍ය පැමිණෙන මාර්ග පරීක්ෂා කළ යුතු බව ද කීවාය.
අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය විවිධ ක්‍රමවලින් යළි බැහැරට යන බව කී අමාත්‍යවරිය එවැනි අයථා දෑ සිදුනොවන සේ ඒවා විනාශ කිරීමට පියවර ගත යුතු බව ද පැවසුවාය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මත් ජාවාරමුන්ට සිංගප්පූරු දඬුවම් දෙමු
Sunil Thursday, 22 December 2022 08:35 AM
දඬුවම් ලබාදෙයි කියලා තමයි බය... බොරු කතා විතරයි...
pakeer Thursday, 22 December 2022 08:45 AM
අනිවාර්යයෙන්ම...!
Lalla Thursday, 22 December 2022 08:58 AM
හරියට හරි... පටන්ගන්න ඕනෑ පාර්ලිමේන්තුව තුළින්ම. මතකයිනේ මත්ද්‍රව්‍ය නාශක අංශය වටලපු මීගමුව පැත්තේ තැන... අර මහින්ද ලොක්කා ගිහිල්ල බදාගත්තු කෙනා. එතැනින් ආරම්භ කරමු.
kamal Thursday, 22 December 2022 09:38 AM
නෝනේ, සිංගප්පූරු දඬුවම් දෙන්න සිංගප්පුරු නීති ඕනේ නේද? සිංගප්පුරු උසාවි ඕනෑ නේද?
sharm warn Thursday, 22 December 2022 10:01 AM
වචනෙට හරි ප්‍රධාන මුල්පෙළේ ජාවාරම් කරුවන් ගැන කිව්වාට ස්තුතියි. කරුණාකරලා පාර්ලිමේන්තුවෙන්ම වැඩේට අතගහන්න. කාටවත් හෙලිකොප්ටරෙන් ගිහින් බදාගෙන ඉන්න දෙන්න එපා..
ලුම්බිණි Thursday, 22 December 2022 10:54 AM
මරණ දඬුවම පැනවීම තුළින් මත් උවදුරින් බේරා ගැනීම කළ හැකිය යන්න විහිළුවක්. මරණ දඬුවම තියෙන බොහෝ රටවල මත් උවදුර තිබෙනවා. තියෙන නීති හරියට ක්‍රියාත්මක වුණා නම් ඇති....
asela09 Thursday, 22 December 2022 02:26 PM
හෙරොයින් ජාවාරම් කාරයො ලගින ලෝකේ ඒකම පාර්ලිමේන්තුව ලංකා පාර්ලිමේන්තුවයි.
sam Thursday, 22 December 2022 11:39 AM
සින්ගප්පූරුව වගේ දඩුවම් දෙන්ඩ ගියොත් රාජපක්සල්ගෙ පවුල් පිටින් දඩුවම් වලට අහුවෙනව. ඒ වගේම පාර්ලිෙමන්තුවෙ ඉන්න කාලක්න්නින්ගෙන් 80% විතර ඔය දඩුවමට අහු වෙනව. ඒක හින්ද ඔය දඩුවම් ලංකාවෙ වෙන්නෙ නැහැ. ලංකාවට කුඩු ගෙන්නන්නෙ තනිකරම දේශපාලුවො මුල්වෙලා.
Bamunuarachchi Thursday, 22 December 2022 01:06 PM
මෙයා මොනවාද කියන්නේ? සිංගප්පූරු දඬුවම් මොන කෙංගෙඩියකටද? දෙමු සෞදි අරාබියේ දෙන දඬුවම ඒ විදිහටම. බෙල්ල කපනකොට අපි අත්පුඩි ගහන්නම්..!.
ganegoda Thursday, 22 December 2022 02:19 PM
ඔව්, ආරච්චි මාමේ... විශ්‍රාම ගිය හෙරොයින් මුදලාලි කෙනෙක් හෙරොයින් දඬුවම් ගානේ කියවන කොට තමයි ඒකෙ ලස්සන...!
BamunuarachchiThursday, 22 December 2022 05:29 PM
ගොයියා බය වුණා වගේ... බයවෙන්න එපා. මම අළුගෝසු වැඩේ බාර අරගෙන හෙමින් බෙල්ල කපන්නම්...!
ganegoda Thursday, 22 December 2022 01:08 PM
අනේ පව්...! ඒ කාලෙ හැටි අමතක වෙලා වගේ...