(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)
අයිස් මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයක සාමාජිකයන් බව කියන බන්ධනාගාර ජේලර්වරයකු ඇතුලු 11 දෙනකු සමග අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 25 අත් අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
පොලීසියට ලද තොරතුරක් මත මත් ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කරන මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටල් කළමනාකරුවකු අත් අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් ලබ තොරතුරු මත උග්ගල්බඩ දී අයිස් මත් ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි 8 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම තොරතුරු අනුව හෝටල් කළමනාකරුට මත් ද්‍රව්‍ය ලබා දෙන බව කියන රාගම ප්‍රදේශයේ පුද්ගලයකු අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය පවසයි.
අනතුරුව රාගම පදිංචි පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ජේලර්වරයකු ඔහුට මත් ද්‍රව්‍ය ලබාදීම සිදු කරන බව අනාවරණය වීය.
ඒ අනුව එම බන්ධනාගාර දෙවන පන්තියේ ජේලර්වරයා ගම්පහ, කිරිදිවිට ප්‍රදේශයට ගෙන්වා ඔහුද අත් අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී ඔහු සතුව අයිස් මත් ද්‍රව්‍ය බවත් පොලීසිය පවසයි.
මොහු කඩවත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31 වයසැති පුද්ගලයකු බව පවසන පොලීසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මත් ජාවාරමක වැලක් මාට්ටු
SA Wednesday, 17 May 2023 12:18 PM
Great! පාතාලයො එක්ක ඉන්න ජේලර්ල රටට හෙනයක්.පාතාලයො සියලු දෙනා දූපතක ට දාන්න ඕනෙ