IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මත් උරණ උපකරණ සමග සිසුන් දෙදෙනා මාට්ටු

(පුෂ්පකුමාර ජයරත්න)

පොලීසියට ලද තොරතුරකට අනුව කළ හදිසි සෝදිසියකදී මාවතගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු සතුව තිබී මත්වීම සඳහා භාවිත කරන නවතම වර්ගයේ මත්ද්‍රව්‍ය සහිත උපකරණයක් සොයා ගැනීමට හැකිවූ බව මාවතගම පොලීසිය පවසයි.

සාමාන්‍ය ප්‍රමාණයක සුවඳ විලවුන් බෝතලයකට සමාන හැඩහුරුවකින් යුත් මෙම උපකරණය තුළ අඩංගු ද්‍රව්‍ය පානය කිරීමෙන් මත් ගතියක් ලැබෙන බව අත්අඩංගුවට ගත් සිසුන් ප්‍රකාශ කළ බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් එක් සිසුවකු ඔහුගේ පොත් බෑගය පාසල ආසන්නයේ පිහිටි නිවසක තබා ගොස් තිබූ අවස්ථාවේදී නිවෙස් හිමි කාන්තාවට සැක සිතී කළ පරීක්ෂාවකදී මෙම මත් උපකරණය බෑගය තුළ තිබෙනු දැක ඇත.

පසුව ඇය ඒ බව මාවතගම පොලීසියට කළ දැනුම් දීමකට අනුව බෑගය හිමි සිසුවාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී මෙම නවතම මත් උපකරණ පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.

එම සිසුවාගෙන් වැඩි දුරටත් කළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු අනුව ඔහුට ඒවා අලෙවි කළ බව කියන මාවතගම නගරයේ ව්‍යාපාරික ස්ථානයක් වටලා සිදු කළ පරීක්ෂාවකදී එහි තිබූ එවැනිම තවත් මත් උපකරණ දෙකක්ද එම පාසල ආසන්නයේ පිහිටි නිවසක පදිංචි මෑතකදී පාසලෙන් ඉවත්වූ තවත් සිසුවකු සතුව තිබී තවත් එක් උපකරණයක්ද පොලීසියට හමුවී තිබේ.

 



අදහස් (0)

මත් උරණ උපකරණ සමග සිසුන් දෙදෙනා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site