IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මැති ඇමැති 92ක් නිල නිවාසවලට පොලු තියලා

(සුජිත් හේවාජුලිගේ)

මැති ඇමැතිවරුන් අනූ දෙදෙනෙකු සිය නිල නිවාස වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඉන් රුපියල් ලක්ෂ පනස් දෙකකට වැඩි මුදලක් 2012 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා මැති ඇමැතිවරුන් හැත්තෑ දෙදෙනකුගේ අය නොවී පවතින ශේෂය බවද එම වාර්තාවේ දැක්වේ.

මේ අතර සමුළු නිවාස සහ කැප්පිටිපොල නිවාස ලබාගත් 97 දෙනකුගෙන් රුපියල් පනස් ලක්ෂයකට ආසන්න මුදලක් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වෙනි දිනට අය විය යුතුව තිබූ බව විගණන අංශ පවසයි.

ඉන් ජයවඩනගම නිවාසවල පදිංචිව සිටි විසිහතර දෙනකුගෙන් 2021 වර්ෂයේ දී අය විය යුතුව තිබූ මුදල රුපියල් කෝටියකට ආසන්නය. එසේම 2012 වර්ෂයට පෙර සිට 2020 වර්ෂය දක්වා විසි එක් දෙනෙකුගේ ණය නොවී පවතින ශේෂය රුපියල් අසූ අට ලක්ෂයක් බව විගණන කාර්යාලය පවසයි.

මේ තොරතුරු සඳහන් වන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ 2021 කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගනණ වාර්තාවේය.

 



අදහස් (7)

මැති ඇමැති 92ක් නිල නිවාසවලට පොලු තියලා

Lalith Kannangara Saturday, 12 November 2022 09:32 AM

ඒ ගොල්ලොන්ගෙ කිසි වැරැද්දක් නෑ. හැමදේම නිකං ( පිනට ) ලැබෙන නිසා ගෙවලුත් නිකං ලැබිල කියල ඒ ගොල්ලො හිතන්න ඇත්තෙ.

:       0       6

ravin Saturday, 12 November 2022 11:47 AM

මහජන හිතසුව පිණිස සියලුම අයගේ සම්පුර්ණ නම සහ පදිංචි ලිපිනය නියෝජනය කරන්න.

:       0       7

sisiraSaturday, 12 November 2022 08:47 PM

මොවුන්ගේ නම් හෝ ලිපිනයන් ප්‍රකශ කරන්න එපා. ජනතව මෙම නිවාස නැවත කුඩු කරනු ඇත.

:       0       1

Sunakayo Saturday, 12 November 2022 12:01 PM

අල්ලපිය මේ ඔක්කොම...!

:       0       6

SL Saturday, 12 November 2022 12:21 PM

මොවුන් කරන අලුගුත්තේරු වැඩ ටිකයි අපි දන්නේ. 225 එකතුවෙලා කෙලින කෙළි අපිට දැනගන්න ලැබෙන්නේ හරි අඩුවෙන්... ඒකනේ මිනිස්සු හෙන ඉල්ලන්නේ...!

:       0       5

Kule Saturday, 12 November 2022 02:07 PM

225 කණ්ඩායමේ සියලු දේ.... නාගෙනම මාසිකව, රජයට, අයවිය යුතු මුදල ඔවුන්ගේ මාසික වැටුපෙන් අඩුකරගන්න යම්කිසි කෙනෙක් විශ්‍රාම ගොස් ඔහු රජයට ණයකාරයෙක් නම් ඔහුගේ මාසික විශ්‍රාම වැටුපෙන් අඩුකරගන්න...

:       0       3

Rohana Saturday, 12 November 2022 08:55 PM

මැති ඇමතිවරුත් මේ විදියට පොලු තිනවානම් මොවුන් රට පාලනයකරන ක්‍රමයත් අපට හිතාගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site