IMG-LOGO

මැති ඇමැති 85 ක් ජලයට පොලු තියලා

(සුජිත් හේවාජුලිගේ )

දේශපාලඥයන් අසූ පස් දෙනෙකු සිය නිවාසවලට ලබා ගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.

ජල බිල ගෙවීම පැහැර හැරි දේශපාලඥයන්ගේ ලයිස්තුව එම මණ්ඩලය විසින් රජයට පසුගිය සතියේ බාරදෙනු ලැබීය.

මෙසේ ජල බිල ගෙවීම පැහැර හැර ඇති දේශපාලඥයන් පිරිසට පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරුන්, හිටපු මැති ඇමතිවරුන් සහ මියගිය මැති ඇමතිවරුද ඇතුළත් වෙති.

මෙම දේශපාලනඥයන්ගෙන් 50 කට ආසන්න පිරිසකගේ හිඟ ජල බිල රුපියල් ලක්ෂ 6-10 අතර වන බව ජල සම්පත් මණ්ඩලය පවසයි.

පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරුන්ගේ හිඟ ජල බිල්පත්වල එකතුව රුපියල් ලක්ෂ 70 ඉක්මවන බව දැනගන්නට ඇත.

මියගොස් ඇති දේශපාලඥයන්ගේ හිඟ ජල බිල්පත්වල එකතුව ලක්ෂ 30කට වැඩිය.

මෙම දේශපාලඥයන් වසර ගණනාවක් තිස්සේ ජල බිල්පත ගෙවීම පැහැර හැර ඇති බවත් මේ සම්බන්ධයෙන් ඒ අයට සිහි කැඳවීම් ගණනාවක්ම කර ඇති බවත් ජල සම්පත් මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

 



අදහස් (18)

මැති ඇමැති 85 ක් ජලයට පොලු තියලා

ravin Saturday, 28 May 2022 10:10 AM

දුප්පත් මිනිස්සුන්ට මේ ආකාරයට ගෙවීම් අතපසු කළ හැකිද? රටේ නීතිය කාටත් පොදු නොවේද? රටේ තියෙන සම්පත් හූරාකාලා තවත් මේ අයගේ බර අනිකුත් අයගේ පිට පැටවිම සාධාරණ සමාජයකට දැරිය හැකිද? මෙවැනි උභතෝකෝටික ප්‍රශ්න වැලකට පිළිතුරු ලැබෙන්නේ කවදාද?

:       0       4

Nihal Saturday, 28 May 2022 10:10 AM

එකම රටේ නීති දෙකක්. වීඅයිපී හොරු...

:       0       5

RS Saturday, 28 May 2022 10:23 AM

ජලාප්‍රවාහන මණ්ඩලය ජනතාවගේ නම් සැපයුම නතර කරලා... ඇයි ඕවා ලිමිට් එක පැන්නාම නතර කරන්න බැරි ලක්ෂ ගණන් ගෙවලා නෑ කියනවට වඩා හොඳ නැද්ද සීමාව පැන්නාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තානම්...!!! 

:       0       7

nimal Saturday, 28 May 2022 10:29 AM

ජලබිල ගෙවීම පැහැර හැරි දේශපාලඥයින්ගේ ලැයිස්තුව මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය මගින් රටට හෙළිකරන්න නොහැකි නම් 225 ම ගෙදර යැවීමට පෙර අඩුම වශයෙන් ජලබිල ගෙවූ දේශපාලඥයින්ගේ ලැයිස්තුව මාධ්‍යයට ලබාදෙන්න..

:       0       2

පුරවැසියා... Saturday, 28 May 2022 10:36 AM

පොඩි මිනිහාට නඩු. මොවුන්ගේ හිඟ මුදල, දඩ සමගද අය කොට නීතිමය පියවර ගත යුතුයි...

:       0       5

Samantha Saturday, 28 May 2022 10:36 AM

ඔවුන් ගැන ලැජ්ජයි.. ජලාප්‍රවාහණ මණ්ඩලය විසින් මෙම ජල සැපයුම නතර කළ යුතුයි. ශක්තිමත් පිටකොන්දක් තියෙන නිලධාරීන් පත්කළ යුතුයි.

:       0       3

පැරකුම්Sunday, 29 May 2022 06:20 AM

ඔය කියන මණ්ඩලේ ලොක්කන්ට හයි කරන්න වහාම ආනයනය කරන්න පිටකොඳු ටිකක්.

:       0       0

Upul Chandrasiri Saturday, 28 May 2022 10:39 AM

ජල ප්‍රවාහන මණ්ඩලයේ දෙබිඩි පිළිවෙත මින් පැහැදිලියි. සාමාන්‍ය මහජනතාවට බිල් නොගෙවා ඕනෑතරම් කාලයක් වතුර පාවිච්ච් කරන්න පුළුවන්ද?

:       0       5

Pradeep Kumara Saturday, 28 May 2022 10:47 AM

සාමාන්‍ය කෙනෙක් ජල, විදුලි බිල නොගෙවා හිටියොත් සැපයුම විසන්ධි කරනවා. නැවත සැපයුම ලබාගත හැක්කේ හිඟ මුදල් සහ දඩ මුදල්ද ගෙවීමෙන් පසුවයි. නමුත් මෙම ක්‍රමය මේ ජනතා සේවකයින් යැයි කියාගන්නා උදවියට ක්‍රියාත්මක නොවීම කණගාටුයි. කවදත් අපේ රටේ නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වුණේ නෑනේ. එහි ප්‍රතිඵල තමයි මේ. අඩුම තරමින් දැන්වත් නීතිය ක්‍රියාත්මක කරන්න...

:       0       7

Dharmatileke Saturday, 28 May 2022 11:02 AM

බිල් නොගෙව්වොත් මට මොකද වෙන්නේ? ජලය සැපයීම නවතිනවා. එහෙමනම් කොහොමද මේ මිනිස්සුන්ගේ ජල සැපයීම නැවතුණේ නැත්තේ?

:       0       6

Kumara Saturday, 28 May 2022 11:11 AM

මෙයාලගේ ගෙවල් ගිනිතියලා මදි. දැන් කාලෙ ඇවිත් තියෙන්නේ කරන්න ඕනෙ හොඳම වැඩේට..

:       0       5

dhamneth Saturday, 28 May 2022 11:39 AM

ජලය වේවා, විදුලිය වේවා..., මාස 2ක් එකදිගට බිලනම් ගෙනාවත් සැපයුම නතර කරන්න ඒ අයටත් වැටුප් ගෙවනවනේ...! 

:       0       10

ලුම්බිණි Saturday, 28 May 2022 01:35 PM

දේශපාලඥයින් නම් කරන්නේ සිහි කැඳවීම් යවන එක විතරද? මේ මිනිස්සු මැරිලත් මේ රටට ණයයි.

:       0       7

du Saturday, 28 May 2022 02:42 PM

නම් ප්‍රසිද්ධ කරන්න.

:       0       6

sugath Saturday, 28 May 2022 05:42 PM

අර නුවර පළාතේ හිටියේ බෙන්ස් එකේ යනඑන ගමන් ලයිට් බිල ගෙවන්න අමතක වුණු "ඇමැති" කෙනෙකුත්...!

:       0       6

චන්දන Saturday, 28 May 2022 05:51 PM

පව් අහිංසකයින්... අම්මලා තාත්තලාගේ දේපළ තියෙන්නේ... ආදායම් නැතිව ඇති බිල් ගෙවන්නට .

:       0       2

විපරමා Saturday, 28 May 2022 06:29 PM

දේශපාලුවන් හින්දා ඔහේලා නිකම්ම ඉන්නවා. රටේ සාමාන්‍ය පුරවැසියෙක් පොඩ්ඩක් පරක්කු වුණොත් වතුරත් කපලා දායි...!

:       0       3

වසු Sunday, 29 May 2022 06:53 AM

ජල මණ්ඩලේ අදාල කාර්යාලයෙන් ගෙවන්න.. නැතිනම් කැපුවේ නැත්තේ මොකද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site