
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සුඛෝපභෝගී වාහන දෙකක් විකුණා රුපියල් අට කෝටි විසි නව ලක්ෂයකට වැඩි ආදායමක් උපයාගෙන ඇත.
රජයේ තක්සේරුව රුපියල් කෝටි පහක්වූ ටොයෝටා ලෑන්ඩ් කෲෂර් (TOYOTA LANDCRUISER V8) ලියාපදිංචි අංක CAW–5555 මෝටර් රථය රුපියල් 58,756,000 කටද රජයේ තක්සේරුව කෝටි දෙකක්වූ මිට්ෂුබිසි මොන්ටෙරෝ (MITSUBISHI MONTERO) ලියාපදිංචි අංක CAM–1998 මෝටර් රථය රුපියල් 24,164,238 කටද මෙසේ විකිණූ බව සභානායක කාර්යාලය පවසයි.
සභානායක කාර්යාලය ටෙන්ඩර් කැදවා මෙම වාහන දෙක විකුණා ඇත්තේ රාජ්‍ය ආයතනවල විශාල වැය බරක් සහිත සුඛෝපභෝගී වාහන අපහරණය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුගත වෙමිනි.
මේ අතර පාර්ලිමේන්තුවේ සුඛෝපභෝගි වාහන තවත් ගණනාවක් පවතින අතර ඒවාද ඉදිරියේදී වෙන්දේසි කිරීමට කටයුතු කෙරෙනු ඇත.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබේ සුපිරි රථ දෙකක් විකුණයි: කෝටි අටක ආදායමක්
රනේ Monday, 30 June 2025 10:42 PM
ඡන්ද පොරොන්දු ඉටුකළ වගයි!
pj Tuesday, 01 July 2025 09:22 AM
රටම ගොඩ.. නෝ කතා... නෝ සිනා...
ගුණරත්න Tuesday, 01 July 2025 12:59 PM
දැන් ඔය වාහන වලින් කෙරුණු වැඩ ටික කරන්න පියාජෝ ත්‍රී වීල් එකක් ගමු නේද?