IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැතිසබේ විරෝධයකින් උණුසුම් වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර පිටව යෑමට සූදානම්වූ අවස්ථාවේදී සමගි ජන බලවේගය සහ නිදහස ජනතා පෙරමුණේ මන්ත්‍රීවරුන් සභාගර්භය මැදට පැමිණ විරෝධතා පෝස්ටර් ඔසවමින් ඡන්දය ඉල්ලා හඬ නැගීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (23) පෙරවරුවේ ඇතිවිය.

මෙය  පළාත් පාලන මැතිවරණය ලබාදෙන ලෙසට  බල කරමින් විපක්ෂය මැතිසබයේ  පැවැත්වූ දෙවැනි විරෝධතාවයි.

මේ විරෝධතාව හේතුවෙන් සභාවේ කටයුතු පවත්වාගෙන යෑමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

ජනාධිපතිවරයා  ඉහත  ප්‍රකාශය කළ අවස්ථාවේදීද එම මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට ජනාධිපති වරයාට විරෝධය පළ කරනු දැකගත හැකිවිය.

සමහරු රීති ප්‍රශ්න මතු කරමින් ජනාධිපතිවරයාගෙන් විවිධ දේ විමසූහ.

ජනාධිපතිවරයා ඒ  සෑම ප්‍රශ්නයකටම පිළිතුරු  දුන්නේය.

ජනාධිපතිවරයාගේ කතාවට සවන්දී සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්   සිය අසුන් වලටවලට වරින් වර තට්ටු කරමින් ප්‍රසාදය පළ කරනු ද දැකගත හැකිවිය.

කෙසේ වෙතත් මේ විරෝධය පැවැත්වෙන අවස්ථාවේදී  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කිසිවකුත් සභාගර්භයේ සිටියේ නැත.

එම විරෝධය පැවැත්වෙන අතරතුරදීම  අත්‍යවශ්‍ය සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදය  ආරම්භවූ අතර එය උද්ඝෝෂණය  අතරේම කරගෙන යනු දැක ගත හැකිවිය.



අදහස් (3)

මැතිසබේ විරෝධයකින් උණුසුම් වෙයි

යෝගා Thursday, 23 February 2023 12:29 PM

රතු අලිපැටව් තුන්දෙනා අති විශිෂ්ඨ රංගනයක යෙදී ඉන්න බව පේනවා...!

:       0       0

Aravinda Monarawila Thursday, 23 February 2023 01:12 PM

අනේ මෙහෙම ගොන් නිවට මන්ත්‍රීල, අර පිස්ස ඇවිල්ල කටමත දෙඩවලා යනතුරු බලන් ඉදලා ඊට පස්සෙ බොරුවට නටනවා. උඹල හොදයි ගස් වල ටකයට බදින්න.

:       4       8

චන්දන Thursday, 23 February 2023 03:16 PM

පාර්ලිමේන්තු මැතිවරණය වහාම කැඳවනු. පන්නා දැමිය යුතු අය බහුතරයක් ඉන්නේ එතැන... ඔය තට්ටු කරපු අයගේ නම් ලැයිස්තු දාන්න පුළුවන්ද?

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site