
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් අතර සිදු වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (14) බාරදෙනු ලැබීය.
මෙම ගුටිබැට හුවමාරුව සිදු වී තිබුණේ පසුගිය ඔක්තෝබර් මස 20 වැනිදාය.
එම සිද්ධියෙන් පසු ඒ පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා මෙම කමිටුව පත් කරනු ලැබුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි.
අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොල ,මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බාකීර් මාකාර්, නීතිඥ තලතා අතුකෝරල එම කමිටුවට පත් කෙරුණු සෙසු සාමාජිකයෝ වෙති.
එම සිද්ධිය පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා කමිටුව සිවුවතාවක් රැස්විය.
සිද්ධිය සම්බන්ධයෙන් නම සඳහන් වූ රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් කමිටුව පසුගියදා කරුණු විමසීය.
එම තිදෙනාට අමතරව සිද්ධිය ඇසින් දුටු පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගෙන්ද කමිටුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.
කමිටු වාර්තාව බාර දීමේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතාද සහභාගී විය.
එම සිද්ධියේදී රාජ්‍ය අමාත්‍යවරිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් කර ඇති බව මූලික පරීක්ෂණවලදී තොරතුරු හෙළි වී යැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මෙයට පෙර නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
කමිටු වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව කතානායකවරයා සුදුසු තීරණයක් ගනු ඇතැයි පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මැතිසබේ ගුටි බැට සෙවූ කමිටුවේ වාර්තාව කතානායකට