IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැතිසබේ ඊයේ පුපුරලා ගියේ අළු යට තිබූ ගිනි පුපුරක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මැතිසබයේ ඊයේ  පුපුරා ගියේ  නීතිඥ ප්‍රජාව සහ  නීති ක්ෂේත්‍රය තුළ අලු යට ගිනි පුපුරක් සේ  දැල්වෙමින් තිබූ දෙයක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී  අද (9) පැවසීය.

එක හුදකලා සිද්ධියක් හේතුවෙන් අධිකරණ ක්ෂේත්‍රය ගැන සැකයක් ඇති කර නොගන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ  අමාත්‍යවරයා ඊයේ සිද්ධිය  ගැන අධිකරණ ක්ෂේත්‍රයද හිත් රිදවීමක් ඇති කරගැනීමට අවශ්‍ය නැතැයි  ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මෙතන ගැටුමක් නැතැයිද  ඔහු කීවේය.

රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ  ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එරෙහි යෝජනාව පිළිබඳ විවාදයේදීය

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර මෙතන ගැටුමක් නෑ.
එහෙම යෝජනාවක් නෑ. පාර්ලිමේන්තුව ඊයේ  පක්ෂ භේදයෙන් තොරව තීරණයක් ගත්තා.  මහජන මතයට එකඟ වෙන්න. ඊයේ පාර්ලිමේන්තුවේ පිළිඹිබු වුණේ මහජන මතය.

එක් අධිකරණයක්  දුන් නියෝගයක් පිළිබඳව යම් මතයක් තිබෙනවා.  මේක  විධායකය  හා අධිකරණය අතර ගැටුමක් ලෙස අර්ථ නිරූපණය නොකළ යුතුයි කියලා  මම බලාපොරොත්තු වෙනවා.
අද  මෙම යෝජනාව මහජන මතය ප්‍රබල ආකාරයට පෙන්නුම් කිරීමක්.

ඒ හුදකලා සිද්ධිය ගැන  අධිකරණය ගැන මේ පාර්ලිමේන්තුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. නීති ක්ෂේත්‍රය තුළ නීතිඥ ප්‍රජාව තුළ මේක අළු යට ගිණි පුපුරක් සේ කතා වෙමින් තිබුණු කාරණයක්. ඒක තමයි ඊය පුපුරලා ගියේ. නමුත් ඒ කතාව සන්නිවේදනය වුණු ආකාරය අනුව
බොහෝ විනිසුරුවරුන් නීතිඥ   අපහසුතාවයකට පත්වෙලා සිටිනවා.

මහජන මතයට ගරු කිරීමට ඕනෑම ආයතනයක අය බැඳී සිටිනවා.



අදහස් (5)

මැතිසබේ ඊයේ පුපුරලා ගියේ අළු යට තිබූ ගිනි පුපුරක්

ravin Thursday, 09 November 2023 01:07 PM

මේ තියෙන්නේ ගින්දර ටිකක් නේද? විජේදාසගේ පුතා කමිටුවට පත් කළේ ඇයි?

:       0       0

Mahasen Thursday, 09 November 2023 01:51 PM

පාර් ලිමේනතුවෙ පුපුරලා ගිය හින්ද හොඳයි.

:       0       4

ගමේ එකාලා Thursday, 09 November 2023 03:11 PM

ඩීල්දාසගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       4       7

විජිත් Thursday, 09 November 2023 05:55 PM

අනාගතයේ එක සුන්දර දවසක... ,ඔය පාර්ලිමේන්තුව එහි අරක්ගෙන ඉන්න හොරු 225 යි රටේ ලොකුයි කියලා හිතාගෙන ඉන්න " නාකි "පිනා" ත් එක්කම පුපුරලා විනාශවෙලා ගිය දවසට තමයි මේ රටට සෙතක් වෙන්නේ.

:       4       5

Ragul Friday, 10 November 2023 02:10 AM

විජිත් කියන්නේ අනාගතයේ එක් සුන්දර දවසක 225ම පුපුරලා යෑම හොඳයි කියලා නේද? ඒ 225ට ජේවීපී එකේ තුන්දෙනත් ඇතුළුයි කියලා අමතකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site