(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් එල්ල වන්නේ යැයි පැවසෙන හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ මේ ගැන තමා විමර්ශනයක් කඩිනමින් පවත්වා සුදුසු පියවර ගන්නා බවයි.
සිද්ධිය සුළුකොට නොතකන බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
තමන්ට ඇතැම් ප්‍රධානීන්ගෙන් විවිධ හිංසන සහ අඩන්තේට්ටම් සිදුවන බවට පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ තරුණියෝ පිරිසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා පැමිණිලි කළහ.
තමන්ට ඇතැම් ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් කාලාන්තරයක් තිස්සේ විවිධ හිංසනයන් සිදුවන බවත් මෙවැනි කටයුතුවලට අවනත නොවන්නේ නම් විවිධ පළිගැනීම්වලට ලක්කරන බවත් එම සේවිකාවෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවී තමන්ට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටින තරුණියෝ විශේෂ දුරකථන අංකයක්(හොට් ලයින්) හඳුන්වා දුනහොත් මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු රහසිගතව පැවැසීමට සූදානම් බවද සඳහන් කරති.
සමහර සේවිකාවන් තම රැකියා නැතිවේ යැයි යන බියෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පවා බියවී සිටින බව වාර්තා වේ.
මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ගෘහ පාලන අංශයේ තරුණියන්ට සිදුවන්නේ යැයි පැවසෙන අඩම්තේට්ටම් සම්බන්ධයෙන් ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට සූදානමින් සිටිති.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
244
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිසබේ අනංගයන් ගැන කාන්තා සංසදය පරීක්ෂණයක් ඉල්ලයි
ජෝන් Tuesday, 01 August 2023 12:09 PM
අපිට මතකයි එක පාරක් කොකේන් ගහන මන්ත්‍රීලා හොයන්නත් පරීක්ෂණයක් තිබ්බනේ. එකෙක් ප්‍රසිද්ධියේම මුත්‍රා කලේ. ඒවාට මොකද වුනේ?
පැරකුම් Tuesday, 01 August 2023 12:20 PM
දියවන්නාවේ අපතයින්ගෙන් ලැබෙන ආදර්ශ නිසා වෙන්නැති ඕවා සිද්ද වෙන්නේ...
ravin Tuesday, 01 August 2023 03:27 PM
වැඩිපුරම කපුටාස් ගැවසෙන තැන්වල අනිකුත් කසලවලට කැමැති ගැවසීම ස්වභාවිකයි.
Lalla Wednesday, 02 August 2023 09:29 AM
රූමත් සේවිකාවන්....රාජ්‍ය අංශයේ... අහන්න සතුටුයි... අනංගයන්ගේ අනවශ්‍ය අංග ඡේදනය කරවන්න....