(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සකසන ලද්දේත් ඉදිරිපත් කරන ලද්දේත් මැතිවරණ කොමිසම විසින් බව අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මැතිවරණ කොමිසම තමා හමුවන හැම අවස්ථාවකම මේ පනත ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස පැවසු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මෙය හදිසියේ ඊයේ රෑ ඉදිරිපත් කළ පනතක් නොවේ යැයි කී අග්‍රාමාත්‍යවරයා මෙි පනත සම්මත කළහොත් එය මැතිවරණ වලට ඉතා වැදගත් වාතාවරණයක් ඇති කරන බවට සැක නැතැයි කීය.