මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් අමත්‍යාංශයට මුදල් නොමැති බව, පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂ්ක් දාර් පවසා තිබේ.
පාකිස්තානය මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. වත්මන් පාකිස්තාන රජය චෝදනා කරන්නේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජය නිසි ලෙස ආර්ථිකය කළමනාකරණය නොකළ බැවින් රට මෙම අර්බුදයට මුහුණ පා සිටින බවය.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දිගින් දිගටම බල කර සිටින්නේ, මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු බවය.
පෙරේදා (24) පැවැති ජාත්‍යන්තර මාධ්‍ය හමුවක් අතරතුරේ ද පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සහ ජනමාධ්‍ය අමාත්‍ය මීරියම් අවුරන්සෙබ් ද මැතිවරණ පැවැත්වීමට මුදල් අමත්‍යාංශයට මුදල් නොමැති බව පෙන්වා දුන්හ.
එම මාධ්‍ය හමුවේදී ද රට ආර්ථික අර්බුදයකට ඇද වැටුණේ ඉම්රාන් ඛාන්ගේ රජය නිසි ලෙස ආර්ථිකය කළමණාකරනය නොකළ නිසා යැයි ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් දිගින් දිගටම චෝදනා නගන්න විය. පාකිස්තාන විපක්ෂය එක් වී, විශ්වාසභංගයකින්, ඉම්රාන් ධුරයෙන් ඉවත් කළේ පසුගිය වසරේය.
තමන් ඝාතන සැලැස්මක් ක්‍රියාත්මක යැයි හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දිගින් දිගටම චෝදනා කරන බවත්, එම චෝදනා අසත්‍ය බවත්, පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මැතිවරණ තියන්න සල්ලි නෑ