IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මැතිවරණ ක්‍රම වෙනස් කරන කොමිසමට ’’අත්තටු’’ දෙයි

(අංජුල මහික වීරරත්න)

මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතු ආකාරය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ බලතල වැඩි කිරීමේ ගැසට් නිවේදනය හෙට (3) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ සභාපතිත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කොමිසම පත් කරනු ලැබීය.

ජනාධිපතිවරයාගේ  උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ඇත.

මැතිවරණ ක්‍රමය සකස්විය යුතු ආකාරය ගැන මෙම කොමිසම හමුවට ගොස් ඕනෑම කෙනකුට අදහස් දැක්වීමේ  හැකියාව පවතින බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.

සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍යවේදීන් ඇතුළු සියළු පාර්ශව වලට මෙම කොමිසම හමුවට ගොස් කරුණු දැක්විය හැකි බවද එම අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.



අදහස් (3)

මැතිවරණ ක්‍රම වෙනස් කරන කොමිසමට ’’අත්තටු’’ දෙයි

W.නුවන් අකලංක Thursday, 02 November 2023 09:10 PM

පාර්ලිමේන්තු මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැතිවිම.කොට්ඨාස 160ට.සමානුපාතික ක්‍රමයට 36ක් පත්කිරීම පෙර පරිදි.ඉතිරි 29 ජාතික ලැයිස්තුවට හිමිවිය යුතු අතර එය ජාතික වාර්ගික ආගමික ලෙසද පත්කළ යුතුය.උදා..වැදි ජනතාව වෙනුවෙන් එක් ලැයිස්තු මංත්‍රි දූරයක්.තරුන කාන්තා ලෙසද එම ලැයිස්තුවට ඇතුලත් කල යුතුයි.

:       0       0

Rohana Friday, 03 November 2023 12:23 PM

මේ රටේ මැතිවරණ ක්‍රමය වෙනස්කරන්නේ රටේ අවශ්‍යතාවයට නොව බලයේ සිටින දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලට ඊළඟට පවත්වන ඡන්දයකදී කොතරම් බලය ලබාගත හැකිද යන තක්සේරුව මතකයි. ඉතින් රටේ හැමදේම දේශපාලන වාසියට තීන්දු තීරණ ගන්නවා නම් රට දියුණු කරනවා කියන එක මිරිඟුවක්... පසුගිය වසර 75ම කලේ මේ වගේ අමන වැඩ... රට තවදුරත් යන්නේ ආපස්සටමයි.

:       0       2

Rata Perata Friday, 03 November 2023 01:08 PM

මේක කරන්නේ රටේ යහපතට, සත්භාවයෙන් කියලා හිතන්න තරම් අපි මෝඩ නෑ... ඕවා කරලා කොහෝම හරි බලයේ ඉන්න හැදුවොත් වෙන දේ බලමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site