
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නිසා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ලවී ඇතැයි තමාට දැනගන්නට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
මේ සම්බන්ධයෙන් එම දෙදෙනා පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද ඔහු කීවේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ පැවසූවේ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
මැතිවරණ ගැන වාද විවාද පවත්වන්නෙ මෙවැනි වාතාවරණයක් තිබියදී බව ප්‍රේමදාස මහතා පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.