IMG-LOGO

මැතිවරණ කොමිසමේ ඉල්ලීම ගැන මුදල් ලේකම් හා හූවක් නෑ

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණයේ මූලික වියදම් සඳහා රුපියල් කෝටි 77 ක මුදලක් ලබා දෙන ලෙසට ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි වාර්තා වේ.

මේ ඉල්ලීම සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත්  මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මැතිවරණයේ  මූලික වියදම් සඳහා රුපියල් කෝටි 77ක් ලබා දෙන්නැයි මහ භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් පසුගියදා  කරනු ලැබුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා විසිනි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව ඇතුළුව  මැතිවරණයකදී මූලික කටයුතු කරන ආයතන සඳහා අත්තිකාරම් මුදල් ගෙවීමට මෙම මුදල ඉල්ලා සිටි බව  නිමල් පුංචිහේවා මහතා පැවසීය.

මේ අතර මුදල් නොලැබුණහොත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැටලුකාරී වනු ඇතැයි  මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීහු පෙන්වා දෙති.

පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා කෝටි 400ක් පමණ වැය වනු ඇතැයි  ගණන් බලා ඇත.



අදහස් (3)

මැතිවරණ කොමිසමේ ඉල්ලීම ගැන මුදල් ලේකම් හා හූවක් නෑ

swene Tuesday, 07 February 2023 03:14 PM

සල්ලි නැත්නම් දෙන්න බැහැනේ. ඒ බව වත් ලියල නැති වීම මුදල් ලේකම් ගේ වරදක්. මෙතරම් බලය තිබෙන මැතිවරණ කොමිසමටත් උත්තර බඳින්න මෙතරම් පමාවෙනවා නම්, ඔය ලේකම්ට සාමාන්‍ය පුරවැසියෙකුගේ ලිපියකට පිළිතුරු දීමට අවුරුදු ගණනක් යාවි නේද ?

:       0       3

nanda Tuesday, 07 February 2023 05:00 PM

රට බංකොලොත් කරලා අපිම දිගටම බලේ ඉන්නම් කියලා චන්ද වලට මුදල් නොදෙන එක ශීලාචාර කමක්ද ?

:       0       0

fairoos Tuesday, 07 February 2023 05:14 PM

මේ කාලකන්නි ආණ්ඩුව කොහොමත් මේ වෙලාවේ චන්දයක් තියන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 627 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 762 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 324 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site