(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
මැතිවරණ කොමිෂන් සභාව පසුගිය මැතිවරණ කිහිපයක් සඳහා නිසි සැලසුමකින් තොරව මිලදී ගෙන ඇති රුපියල් එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ තොගයක් පැත්තකට දමා විනාශ වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙසේ විනාශවීමට ඉඩ හැර ඇතැයි පැවසෙන්නේ ටෝනර්,රිබන්, මාස්ටර් රෝල් තීන්ත යනාදී භාණ්ඩ තොගයකි.
මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් ගෙන් කළ විමසුමකදී ඔවුන් සඳහන් කර ඇත්තේ වගකිවයුත්තන් නිශ්චය කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති බවයි.
කමිටු වාර්තාව ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිලධාරීන් සඳහන් කර ඇත.
මේ අනුව මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර වගකිවයුත්තන් නිශ්චය කිරීම කඩිනමින් කළ යුතු බව ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.
මේ අතර 2022 වර්ෂයේ වර්ෂයේ දී සිදුවී ඇති වාහන අනතුරු තුනකට අදාළව මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බව පවසන විගණන කාර්යාලය 2019 2020 2021 වර්ෂවලදී සිදුවී තිබූ අනතුරුවලින් තවදුරටත් අයකරගැනීමට නොහැකි වූ හා පොත් වලින් කපා හැරීමට නොහැකි වූ හානිවල වටිනාකම ලක්ෂ විසි පහකට වැඩි බවද සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කළ විමසුම් වලදී මැතිවරණ කොමිෂන් කොමිෂන් සභාවේ නිලධාරින් ප්‍රකාශ කර ඇත්තේ එම අලාභයන් පොත් වලින් කපා හැරීමට කටයුතු කරන බවයි.
මේ තොරතුරු සඳහන් වන්නේ මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් නිකුත් කෙරුණු 2022 විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණයේ එක් කෝටි ගාණක බඩු පුස් කන්න ඉඩ හැරලා
Aravinda monarawila Monday, 30 October 2023 01:23 PM
ආයේ කමිටු මොකටද? වගකිව යුත්තේ මුද්‍රණාලයේ අධිපති කියලා පොඩි ළමයෙකුටත් තේරෙනවා. එයාට සේවා දිගුවකුත් ලැබුණා රනිල්ගෙන්... ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකළ නිසා.
geeth Monday, 30 October 2023 01:30 PM
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු දිනය දැන් අවුරුදු කීපයක් ඉකුත් වෙලා, පළාත් පාලන මැතිවරණයටත් එහෙම වෙන්න යනවා වගේ මේ යන විදියට. මේකට වග කියන්න ඕන මේක කල්දාන අයම තමයි, නැත්නම් මැතිවරණ කොමිසම නෙමෙයි.