IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැතිවරණයට සහාය ඉල්ලා මැකෝ ජනපතිට ලියයි

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන  මැතිවරණයට සහාය ලබා දෙන්නැයි ඉල්ලමින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බව  මැතිවරණ  කොමිෂන් සභාවේ සභාපති නීතිඥ  නිමල් පුංචිහේවා මහතා පැවසීය.

කොමිසමේ සාමාජිකයන්ට එල්ල වූ තර්ජන පිළිබඳව කෙරෙන පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන්  කොමිසම  සෑහීමට පත් නොවීම පිළිබඳවත් මැතිවරණ පැවැත්වීම සඳහා රාජ්‍ය සංවිධානවලින් ලැබෙන සහයෝගය මදකම පිළිබඳවත් මෙම ලිපියෙන් විශේෂයෙන් දැනුම් දුන් බව  ඔහු සඳහන් කළේය.

සාමාජිකයන්ට එල්ල වූ තර්ජන පිළිබඳ  විමර්ශන වේගවත් සහ කාර්යක්ෂම විය යුතු බව පැවසූ පුංචිහේවා මහතා තර්ජනයට ලක්වූ සාමාජිකයන්ට ලැබෙන පොලිස්  ආරක්ෂාව ගැන සෑහීමට පත්විය හැකි බවද  සඳහන් කළේය.

කවුරු කුමක් පැවසුවත් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව කටයුතු කරන බවද ඔහු කීවේය.

මුදල් ලේකම්වරයා පාර්ලිමේන්තු මුදල් කමිටුවට පැමිණි අවස්ථාවේදී මුදල් දුෂ්කරතාවය පැවසුවත් මැතිවරණයට   මුදල් දිය නොහැකි යැයි  නොපැවසූ බවද  සභාපතිවරයා සඳහන් කළේය.

පළාත් පාලන ආයතන විසුරුවා හැරීමේ බලය ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට නොව පළාත් පාලන අමාත්‍යවරයාට බවත් ඒ  සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

මැතිවරණයට සහාය ඉල්ලා මැකෝ ජනපතිට ලියයි

LGPJ Wednesday, 01 February 2023 05:31 AM

නිශ්චිත ආදර ලිපියක් !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site