(නිමල කොඩිතුවක්කු)
දීර්ඝ කාලයක් තිස්සේ කල් පසුකරමින් සිටින පළාත් සභා මැතිවරණය හා මේ වන විට නාම යෝජනා කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය නිසි ලෙස පැවැත්විය යුතුව ඇතැයි පිළිගන්නා බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.
පරමාධිපත්‍ය බලය නිවැරදිව අභ්‍යාස වන හා ඒ මගින් ප්‍රකාශ වන ජනමතය හරහා යහපත් ආණ්ඩුකරණයකට අවස්ථාව සැලසෙන මැතිවරණයකට කල් නොයවා යොමුවිය යුතුව ඇතැයි රජයෙන් සහ අනෙකුත් සියළුම දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලීමක් කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් ජයසූරිය මහතා සඳහන් කරයි.
“මහජනතාවගේ පරමාධිපත්‍ය බලය දුර්වල කෙරෙන කුමන හෝ ක්‍රියාමාර්ගයකට කිසිදු සහයක් පළ නොකරන අතර සැබෑ ජනමතය පදනම් කරගත් පාලන ව්‍යුහයක් වෙනුවෙන් සැමවිටම සහය පළකරන්නෙමු.
එහිදී දීර්ඝ කාලයක් තිස්සේ කල් පසුකරමින් සිටින පළාත් සභා මැතිවරණය හා මේ වන විට නාම යෝජනා කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය ද නිසි ලෙස පැවැත්විය යුතුව ඇතැයි පිළිගන්නෙමු.
එමෙන්ම රටට අනවශ්‍ය බරක් පටවමින් පළාත් පාලන ආයතනවලට අධික සභික සංඛ්‍යාවක් පත්කර ගන්නා වත්මන් ක්‍රමවේදයට ද කිසිදු එකගත්වයක් පළ නොකරන්නෙමු.
අප රජයෙන් ද අනෙකුත් සියළුම දේශපාලන පක්ෂ වෙතින් ද ඉල්ලා සිටින්නේ රට තුළ නිර්මාණය වෙමින් ඇති සංකීර්ණ අර්බුදය නිවැරදිව තක්සේරු කරමින් පොදු එකගතවයකට එළඹෙමින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය නිවැරදිව අභ්‍යාස වන හා ඒ මගින් ප්‍රකාශ වන ජනමතය හරහා යහපත් ආණ්ඩුකරණයකට අවස්ථාව සැලසෙන මැතිවරණයකට කල් නොයවා යොමුවිය යුතු බවය.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණයට කල් මරන්න එපා