IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාතලේ නගරසභා මන්ත්‍රීවරුන් විරෝධතාවක

(මහේෂ් කිර්තිරත්න) 


තමන්ට නිසි පරිදි කොට්ඨාස සංවර්ධනය සදහා මුදල් ප්‍රතිපාදන ලබා නොදිම ඇතුලු ඉල්ලිම් කිහිපයක් මුල් කරගෙන නගරාධිපතිවරයාට විරෝධය පළ කරමින්  මාතලේ මහ නගර සභාවේ උප නගරාධිපති සන්දනම් ප්‍රකාශ් (එ.ජ.නි.ස) මහතා ඇතුලු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයා මාතලේ මහ නගර සභාව ගේට්ටුව අසළ  අද  (27) විරෝධතාවක නිරත වුහ.


ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් වන දිනේෂ් විරසිංහ, ජයරත්න ලියනගොඩ, අමිල නිරෝෂන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි යුෂුෆ් නිලාෆ් යන මහත්වරුන් මෙසේ විරෝධතාවයෙහි නිරත වුහ.


මෙහිදි අදහස් දැක්වු එම මන්ත්‍රිවරුන් කියා සිටියේ තම කොට්ඨාශය සදහ නියමිත ලෙස සංවර්ධන කටයුතු සදහා මුදල් ප්‍රතිපාදන ලබා නොදිමත් නගරයේ ඇති ගස් කපා දැමිම සහ නගරාධිපතිවරයා අත්තනෝමතික ලෙස කටයුතු කිරිම මෙම විරෝධතාවය පළ කළහ.


මේ පිළිබදව නගරාධිපතිවරයා අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදි මිට වඩා දැනෙන යමක් කරන බවද මන්ත්‍රිවරුන් කියා සිටියේය.


මේ පිළිබදව විමසිමේදි මාතලේ මහ  නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා කියා සිටියේ 2018 වසරේ දි මුදල් ප්‍රතිපාදන වෙන් කිරිමේදි මන්ත්‍රිවරුන්ගේ නමින් වෙන් කර නොතිබු බවත් උප නගරාධිපතිවරයා විසින් නගර සභා ඉඩමක අනවසරයෙන් ඉදිකිර ඇති නිවසක් පිළිබදව විගණන විමසුම්වලදි හෙළිවී ඇති බවත් ඒවාද ඉවත් කිරිම නිත්‍යනුකුලව කටයුතු කරන  බවයි.

 

 ( ඡායාරූපය-  රවීන්ද්‍ර විරාජ් )



අදහස් (0)

මාතලේ නගරසභා මන්ත්‍රීවරුන් විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site