IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මාතලේ කඩවලට කුණු බද්දක්

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

මාතලේ මහ නගර සභාව එම නගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනවලින් කසළ බද්දක් අය කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මාතලේ මහ නගර සභා බල ප්‍රදේශය ආපනශාලා තොග හා සිල්ලර වෙළෙඳසල් ආදි වශයෙන් වෙළෙඳසල් වර්ගීකරණය කර එක් එක් වෙළෙඳසල්වලින් විවිධ කසළ බදු මුදල් අය කර ගැනීමට මේ වන විටත් නගර සභා පරිපාලන අංශය  දැනුම් දී ඇති බව වෙළෙඳසල් හිමියෝ පැවැසුහ

ඒ අනුව ආපනශාලා හෝටල් හා බේකරි සඳහා මාසිකව රුපියල් 15000ක මුදලක් ද  සැලුන් සඳහා මාසිකව රුපියල් 3000ක මුදලක්  ද  අය කර  කෙරෙනු ඇත.

නගර සභාවට වරිපනම් ගාස්තු වෙළෙද බලපත්‍ර ගාස්තු අධික විදුලි බිල් ජල බිල් ගෙවීමෙන් පීඩාවට පත්ව ඇති මෙවන් මොහොතක මෙසේ කසළ බද්දක් අය කිරීමට මහ නගර සභාව ගෙන ඇති තීරණයෙන් මහත් පීඩාවට පත්ව ඔවුන් කබලෙන් ළිපට ඇද වැටී ඇති හෙයින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර තමන්ට සාධාරණයක් ඉටුකර දෙන මාතලේ සිංහල වෙළෙඳ පෙරමුණේ සභාපති කුමා සමරසිංහ මහතා පැවසීය.

මේ පිළිබඳව මාතලේ නාගරික කොමසාරිස් නිශාන්ත මාදුවගේ මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.

මහ නගර සභා සේවකයන්ගේ වැටුප් ගෙවීමේදී සීයට විස්සක මුදලක් එම ආයතන දැරිය යුතු බවට මධ්‍යම රජය දන්වා තිබෙනවා.මේ නිසා මාතලේ මහ නගර සභා සේවකයන්ට වැටුප් ගෙවීමට මිලියන 50ක පමණ මුදලක් උපයා ගැනීමට සිදුව ඇති බැවින් මහ නගර සභාවේ පරිපාලන අංශය ගත් තීරණයකට අනුව මෙම  චක්‍රලේඛය නිකුත් කළා යැයි ද කීය.

 



අදහස් (5)

මාතලේ කඩවලට කුණු බද්දක්

Lalla Wednesday, 12 June 2024 08:04 AM

පින්පඩි ගෙන නිකම්ම ඉන්න සේවක රෑන ඉවත්කර දමන්න. පළමු විකල්පය එය නේද?. කාණු පිරිසිදු කිරීම අවහිර වූ ස්ථාන පිරිසිදු කිරීම කැඩීමට කාණු ආවරණය කළ කොන්ක්‍රීට් ලෑලි ප්‍රතිෂ්ඨාපන කිරීම... මේ මොකුත්ම කරනවාද? ඒ මදිවාට කුණු ගෙනියන්න ගානක් දෙන්න ඕනෑ. නැතිනම් කුණු ගෙනියන්නේ නෑ. පළමුව මේවා හොයලා බලන්න..

:       0       15

Kuma Wednesday, 12 June 2024 08:12 AM

ඇත්තටම හොඳ වැඩක්... තමන් හරියට කුණු දාන්නෙත් නෑ... සල්ලි දෙන්න කැමැතිත් නැහැ.

:       1       8

කමල් Wednesday, 12 June 2024 08:43 AM

මේක හොඳ වැඩක්. කුණු ටික නගර සභාවට දුන්නාට පස්සේ ඉතිරි ටික වියදමක් නැතුව වෙන්නේ නෑනේ. යන වියදම කාගෙන් හරි පිටින් යන්නම වෙනවා. ආණ්ඩුව වියදම බාර ගත්තා කියන්නේ ආයෙත් වක්‍ර බදුවලින් හරි වියදම පියවා ගන්න එපැයි.

:       2       10

Lalla Wednesday, 12 June 2024 09:18 AM

එතකොට වරිපනම් බදු...

:       2       4

රංබොඩ Wednesday, 12 June 2024 09:36 AM

ගාස්තු අය කරනකොට නගර සභාවට ලොකු වගකීමක් තියෙනවා... ඒ කසළ ගැන. නගරයම පිරිසිදුවට තබා ගැනීම සහ එම කසල කළමනාකරණය කර ගැනීම වර්ථමාන ලෝකයට ගැළැපෙන පරිදි කළ යුතුයි. පරණ ට්‍රැක්ටර් එකකින් මග දිගේ හැලි හැලී පරිසරයම ගඳ ගස්සවාගෙන යන්නේ නැතිව...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site