IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාතර හිරගෙදරට ගසක් වැටී රැඳවියෙක් මරුට


(යොහාන් භාසුර)

මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් රැඳවියෙක් මරණයට පත්ව තවත් රැඳවියන් නවයක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මාතර මහ රෝහලේ ප්‍රකාශයෙක් පැ වසීය.

අදාල රැඳවියා රෝහල්ගත කරන විටත් මරණයට පත්ව සිටි බව කී රෝහල් ප්‍රකාශකයා නේවාසිකව ප්‍රතිකාර ලබන රැඳවියන් අතරින් කීපදෙනකුගේ තත්වය බරපතල බව ද සඳහන් කළේය.

පිරිමි රැඳවියෙක් මරණයට පත්ව ඇති බව කී රෝහල් ප්‍රකාශකයා රෝහලේ ප්‍රතිකාර ලබන සියලු දෙනා ද පිරිමි රැඳවියන් බව ද සඳහන් කළේය.

මාතර බන්ධනාගාරයේ වාට්වුවක් පිහිටි ගොඩනැගිල්ලකට ඊයේ (01) රාත්‍රී 10.00 ට පමණ විශාල ගසක් කඩාවැටී ඇති බවත් එහිදී තුවාල ලැබූ පුද්ගලයන් දහයකට ආසන්න පිරිසක් රෝහල්ගත කළ බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

 



අදහස් (1)

මාතර හිරගෙදරට ගසක් වැටී රැඳවියෙක් මරුට

Lalla Thursday, 02 January 2025 09:41 AM

ඕක පාඩමකට ගෙන පාරවල් අයිනේ තියෙන දැවැන්ත බෝගස් සහ අලුතින් පාර බාධාවන ලෙස වවන බෝපැල ඇතුලු විශාල ලෙස වැඩෙන ගස් ඉවත්කර දාන්න. 2023දී ලිබර්ටි ප්ලාසා ලඟ බස් එක උඩට කඩා වැටුන ගහ මතක නේද? පාර දෙපස කුඩාවට වැඩෙන ගස් මිස ලොකු ගස් වැවීම තහනම් කරන්න.

:       8       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site