
(ආරියරත්න රණබාහු)
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙනෙකු ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ නව වැඩ බලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය
එහිදී සොයා බලන කරුණු අතර හිටපු සභාපතිවරයා විසින් අත්තනෝමතික ලෙස දී ඇති ආසන සංවිධායක ධුර ද වේ
අදාළ කමිටුවට අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග වීර කුමාර දිසානායක සහ ෆයිසර් මුස්තාපා යන මන්ත්‍රීවරු ඇතුළත් වේ
එම කමිටුවේ සභාපති ධුරය තමන් විසින් දරන බවද දුමින්ද දිසානායක මහතා පැවසීය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගත් බවද හෙතෙම කීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
පිටරටවැසියා Friday, 26 April 2024 06:24 PM
මුලින්ම ලියාගන්න මහින්ද රාජපක්ෂ නම, මොකද මුලින්ම ඇඩ්‍රස් නැති වුණේ එයාටනේ... අන්තිමටම ලියාගන්න මෛත්‍රිපාල සිරිසේන නම, මොකද එයා හින්දා එයාටම ඇඩ්‍රස් නැති වුණා..
පිටරටවැසියා Friday, 26 April 2024 06:29 PM
ඕගොල්ලෝ ඔක්කොම හින්දා මේ රටේ සියළුම ජනතාව වසර 76ක් තිස්සේ අගතියට පත්වුණා. ඒ ගැන සොයන්න කමිටුවක් දාන්නේ කවදාද?
මං සුදනා Saturday, 27 April 2024 12:08 PM
දන මන වසග කරවන අර හැඩ මෙන්ම වසග කරවන සුලු සුරූපී දේහ විලාසිනිය ගෙවල් කුලිය අරගත්ත හැටිත් සොයන්නෙ නැතේ??
Sabee Saturday, 27 April 2024 02:52 PM
ඒක තමයි ඉස්සෙල්ලාම හොයන්න ඕනෑ. ඒ වුණාට මමනේ සභාපති. ඉතින් හොයන්නේ මට ඕනෑ දේ විතරයි..!
වජිරසේන Sunday, 28 April 2024 06:09 AM
ඒ කාලයේ හිටපු කෘෂිකර්ම ඇමැතිවරයා වාර්ෂිකව ඉතාමත් ඉහළ මිලකට අමාත්‍යාංශයට බොරැල්ලේ ගොඩනැගිල්ලක් බදු අරගෙන ජනතා මුදල් කාබාසිනියා කිරීම සම්බන්ධයෙන් මොනවත් කරන්න අදහසක් නැතෙයි... හැම කෙනාම ආණ්ඩුව ගත්තොත් අරකට කොමිසමයි, මේකට කොමිසමයි කියලා කියනවා... එහෙම කළාම පසුගිය කාලයේ කරපු වංචා, දූෂණ ගැන බලනවා මිස වෙනත් කිසිම වැඩක් කරන්න කාලයක් නැති තරමට රටේ හොරකම්, වංචා, දූෂණ සිදුවුණා.. ඒවා සොයන්න වෙනමම අමාත්‍යාංශයක් හා අධිකරණ සෑම පළාතකම පිහිටුවන්න වෙනවා. එහෙම නැතුව ඒ ප්‍රශ්නය විසඳීමට කෙසේවත් බැහැ. නුඹලාට ඒවා සොයනවා හැර රට ගොඩනැගීමට කිසිම සැලසුමක් නැහැ වගේ නේද? නිකම් බොරු සෝබන එපා උන්නැහේ...!