අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් විසින් මාතර මහ රෝහල වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ සම්පත් ප්‍රදානය කරනු ලැබීය.
සාමාජීය සෞඛ්‍ය සහ යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා මාතර මහ රෝහලේ ඇති වැදගත්කම හඳුනාගත් අලියාන්ස් සමාජ සත්කාරක කණ්ඩායම, රෝගීන් වෙත විශිෂ්ට සේවාවක් සැපයීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම හා ඔවුන් ඉතා ඉක්මනින් සුවපත් කිරීම වෙනුවෙන් මෙම පියවර ගැනීම සිදු කළේය.
රුපියල් මිලියන 2කට අධික වෛද්‍ය උපකරණ මාතර මහ රෝහල වෙත ප්‍රදානය කළ එම අවස්ථාව සඳහා අලියාන්ස් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී මංගල බණ්ඩාර, වෙළෙඳපොළ කළමනාකරණ - සහකාර සාමාන්‍යාධිකාරී සමන්ත ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහ අලියාන්ස් ලංකාහි නියෝජිතයන් කිහිප දෙනෙක් එක්ව සිටියහ.
මාතර මහ රෝහල නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ වෛද්‍ය එම්.ඩබ්.එම්.කේ. මැදිවක නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.යූ.කේ රත්නායක, මාතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සුරංගිකා ජයවික්‍රම, වැඩසටහන් සම්බන්ධීකාරක වෛද්‍ය සුජිත් ජයතුංග යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
මාතර මහ රෝහලට අලියාන්ස් අතහිත