IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම විශේෂත්වයකි.

මෙම විවාදය පාර්ලිමේන්තුවේදී දින තුනක් පුරා පැවැත්විණ. විවාදය අවසන් වරට පැවැත්වුණේ අද (26) දිනයේය.

මෙම විවාදයේදී හිටපු ජනාධිපතිවරයා අදහස් දක්වන බවට  පාර්ලිමේන්තුවේදී ඊයේ (25) දිනයේ ප්‍රකාශවිය.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් තමාට තොරතුරක් ලැබුණු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කළේය. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය දිනවල රටේ මහත් ආන්දෝලනයක් ඇතිවිය.

හිටපු ජනාධිපතිවරයා මෙම විවාදයේදී ඒ සම්බන්ධයෙන් යම් කරුණු දැක්වීමක් කරනු ඇතැයි බොහෝ අය බලාපොරොත්තුවෙන්  සිටියත් එය සිදු වූයේ නැත.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාස්කු ඉරුදින  ප්‍රහාරය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව  අද කළේය.



අදහස් (12)

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි

Prabha Friday, 26 April 2024 09:39 PM

ආවානම් කියන්න වෙන්නේ... ඔව් මම දැනන් හිටියා නොදන්නවා වගේ පැනලා ගියා කියලා තමයි.

:       1       41

Nandalal DE SILVA - France Friday, 26 April 2024 09:42 PM

මේ හිටන් කාරයා ලෝක බොරු කාරයෙක් බව යළිත් වරක් මුළු රටටම පැහැදිලිවම පෙන්වා තිබෙනවා. පොලිසියට, රටට, පාර්ලිමේන්තුවට බොරු ඇද බාන මේ පොලොන්නරු ලොක්කට තියෙන්නේ පුදුම හැකියාවක්..

:       0       46

WICKY Saturday, 27 April 2024 02:34 AM

සියලුම වරප්‍රසාද අයින් කරලා අත්අඩංගුවට ගෙන මානසික රෝහලකට යවන්න ඕනෑ... මොහු පාස්කු ප්‍රහාරය සෙල්ලමකට අරන් තියෙන්නේ...

:       0       7

Nihal Saturday, 27 April 2024 05:40 AM

මහ බැංකු හොරා ඇලෝසියස් සිංගප්පූරුවෙන් ගෙන්න ගන්න අත්සන් 25000 ක් ගැහුවා කිව්වා කියපු ඔබ ගිනස් පොතට ගිය එකම කෙනා.

:       0       4

ranjith Saturday, 27 April 2024 06:06 AM

පිස්සු අවතාරයක් මහජන මුදලින් නඩත්තු වෙවී තව විකාර කරනවා

:       0       4

රත්නායක Saturday, 27 April 2024 06:31 AM

මෙහෙම වගකීම් පැහැර හරින උන්ටත් දීමනා /පැන්ෂන් පඩි/ආරක්ෂාව/නිල වාහන/ නිල නිවාස/ අයියෝ රටේ බදු සල්ලි.

:       0       6

Nimal Saturday, 27 April 2024 07:00 AM

දැනටමත් හොඳ පඹ ගාලක පටලෙන්නයි ඉන්නේ.තව කට ඇරියොත් තවත් පැටලෙනවා මිසක් ;ගැලවීමක් නැහැ.රටම වැනසුවා මදිවට දැන් නම් පක්ෂයත් කාබාසිනියා කරලා.රටේ අභාග්‍යට උපන් කාලකන්නි

:       1       2

siri Saturday, 27 April 2024 09:13 AM

රටේ ජනාධිපති වෙලා හිටිය මිනිහෙක් වැදගත් විදියට හැසිරෙන්න ඕන නේද.රටට විහිළුවක් උනා අන්තිමට

:       1       4

ravin Saturday, 27 April 2024 10:22 AM

සදහටම ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළ චරිතයක් නිසා ඉතිහාසයෙන් අතුගා දැමීම වඩාත් සුදුසුයි.

:       0       3

fairoos Saturday, 27 April 2024 11:10 AM

පිස්සන්කොටුවට එවන්න ඕන කෙනෙක්

:       0       4

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 27 April 2024 02:00 PM

මෙයා කියනවා "මම දැනගෙන හිටියා" හැබැයි මෙයා කියන්නේ නෑ. තව කෙනෙක් කිව්වා " ප්‍රහාරයක් සිදුවන බව තොරතුරු ලැබුණා. හැබැයි එය මෙතරම් බරපතල ප්‍රහාරයක් වේවි කියා හිතුවේ නෑ. තව කෙනෙක් කිව්වා "තාත්තා දැනගෙන හිටිය ප්‍රහාරයක් සිදුවන බවට මට පල්ලි යන්න එපා කිව්වා" ඉතිං මේ හැම ප්‍රකාශයක්ම සැකසහිත ඒවා. අවසානයේ අහිංසක මිනිසුන්ගේ ජීවිත අහිමිවෙලා මුස්ලිම් ප්‍රජාව පිළිබඳව දැඩි වෛරයක් සමාජය තුළ ඇතිකරලා යම් කණ්ඩායමක් ඔවුන්ගේ ඉලක්කයක් සම්පුර්ණ කළා වගේ කතිකාවක් ගොඩනැගිලා තිබෙන්නේ. නමුත් සත්‍යය කෙසේ හෝ සමාජයට එළිකළ යුතුයි...

:       0       14

ක්‍රිශානි Saturday, 27 April 2024 11:01 PM

අවලන් බල්ල. හෙනම ගහනව යක්ශයට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site