(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ගෝඨාගෝගමට ඊයේ රාත්‍රි කාලයේ කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බව එහි සංවිධායකයෝ පවසති.
සුබෝපභෝගී ජීප් රථයකින් පැමිණි හය දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් පිහි පෙන්වා එහි සිටි තරුණයෙකු බිය ගන්වා පලවා හැර එම පරිශ්‍රයට අලාභ හානි සිදු කර තිබේ.
අරගලයේ නිරත තරුණ තරුණියන් විසින් ඇද තිබු චිත්‍ර හා ප්‍රදර්ශනය කර තිබු බැනර් හා කටවුට් ද කපා දමා හානී සිදු කර තිබුණි.
මෙය කවුරුන් විසින් සිදු කලේද යන්න මේ වන තෙක් අනාවරණය වී නොමැත.
කෙසේ වෙත මාතර ගෝඨාගෝගම පරිශ්‍රය ඊයේ (24) ඉවත් කර ගැනීමට එහි සංවිධායකයින් තීරණය කර තිබු අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
ඉකුත් අප්‍රේල් මස 16 වැනි දින විශ්‍රාමික වෛද්‍ය නිලධාරී සරත් වීමලසූරිය මහතා මාතර ගෝඨාගෝගම මාතර ප්‍රධාන බස් නැවතුම් පොල අසල ආරම්භ කල අතර ඊට ඊයේ (24) දින 100 ක් සම්පූර්ණ වීමට නියමිතව තිබුණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මාතර ගෝඨා ගෝගමට ප්‍රහාරයක්
fairoos Sunday, 24 July 2022 03:12 PM
රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය...!
sirisenaSunday, 24 July 2022 07:23 PM
ගොටබය රටින් පිටව ගිය පසු ගෝඨාගෝගම පවත්වාගෙන යාමේ තේරුම කුමක්ද
BamunuarachchiTuesday, 26 July 2022 07:28 AM
ගෝඨාභයට ඇති බයේ තරම එතැනින් පෙනෙනවා. ගෝඨාභය කළේ බැටන් එක දීම පමණයි. ඒ ක්‍රම ඒ විදිහටම යනවා...
BT Sunday, 24 July 2022 03:51 PM
"මාතර ගෝඨාගෝගම පරිශ්‍රය ඊයේ (24) ඉවත් කර ගැනීමට එහි සංවිධායකයින් තීරණය කර තිබු අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වී තිබේ." - වුණාට පස්සේ හැමෝම ගායනා කරන්නේ ඔය සින්දුව තමයි. කරුණාකරලා අතපය හරියට තියෙන පිරිසක් විදිහට ගෙවල්වලට ගිහින් අල බතල ටිකක්වත් හිටවන්න පටන්ගන්න... මොකද කියනවා නම්, කටින් බතල හිටව-හිටවා, ඩයස්පෝරා සල්ලිවලින්, එන්.ජී.ඕ.සල්ලිවලින් කකා-බිබී, චිත්‍ර ඇඳ-ඇඳ, රට්ටු රවට්ට රවට්ටා තව වැඩි කල් ජීවත් වෙන්න බැහැ. පිටරටකට පැනගන්න හම්බවෙන්නෙත් නැහැ. ඒ රටවල අයට අරගලකාරයින් ආනයනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය කට්ටියත් ඉගෙන ගත්තේ ඒ රටවල අයගෙන්නේ නේද?
siri Sunday, 24 July 2022 04:08 PM
මෙන්න මෙන්න "සාමකාමී, ප්‍රචණ්ඩත්වයෙන් තොර රැස්වීමේ අයිතිවාසිකම්" කිව්ව ආකාරයටම තහවුරු කරනවෝ. ෂුවර් නැත්නම් කවුරුත් ඇවිත් දැක බලා ගන්න.
ruwan Sunday, 24 July 2022 05:56 PM
දැන් ගෝඨාභය ගියානේ... තව මොකටද ඕක අකුලගන්නේ නැතිව ඉන්නේ...?
swene Sunday, 24 July 2022 09:47 PM
රාජපක්ෂ ගැති මැරයෝ දැන් එලියට ඇවිත්. රනිල් ඔවුනට ඔක්සිජන් දුන්නා. ඉදිරියේදී හොඳ හොඳ සෙල්ලම් බැලිය හැකියි.
Bamunuarachchi Monday, 25 July 2022 07:12 AM
. කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බව එහි සංවිධායකයෝ පවසති. රනිල් වැඩේ කාගත්තා ඔන්න ඔහොමයි පහර දෙන්න ඕනේ
සෙනෙවිරත්න Monday, 25 July 2022 10:17 AM
අරගල කරේ නැත්නම් ඔයාට තවමත් රාජපක්ෂවරුන්ගේ බොරු අසමින් පෝලිම්වල ඉන්න තිබුණා. දැන් අඩුමගානේ රටේ වෙනදේ සහ වෙච්චිදේවත් දැනගෙන ඉන්නේ... ඒ අයට මුදල් එනවා නම් අයථා විදියට, ඒක හොයලා කටයුතු නොකිරීම රජයේ නොහැකියාව. අර කෝටි හතරහමාර වගේ හොයන්න පුළුවන්..
BamunuarachchiTuesday, 26 July 2022 07:31 AM
රටට වෙච්චි දේ හරියටම දැන ගත්තා නම් මොන කෙංගෙඩියකටද රාජපක්ෂලාට ඇඟිල්ල දික්කරන්නේ? 1977 ජේ.ආර්.. සිට ඔක්කෝටම ඇඟිල්ල දික් කරනවා.