IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


’’මෙතරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ’’

(මනීෂා වීරසිංහ)

මම ලබපු ජයග්‍රහණය මම බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. මම මගේ උපරිමයෙන් වැඩ කළා. උපරිමයෙන් සූදානම් වුණා. මම වැඩ කරපු විදිහට හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණා. නමුත් මේ තරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ යැයි මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ලංකාවෙන්ම දෙවන ස්ථානය හිමිකරගත් කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා සිසුවිය සඳහන් කළාය.

ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුළුණි මෙත්සරා සිසුවිය මෙසේද කීවාය.

මම පළමු වසරේ සිට අ.පො.ස සා.පෙළ විභාගය දක්වාම අධ්‍යාපනය හදාරනු ලැබූවේ කොළඹ මියුසියස් විද්‍යාලයෙන්. මගේ විභාගය සඳහා සූදානම් වීම ගත්තහම මම කිසිම අමතර පන්තියකට සහභාගී වුණේ නැහැ. පාසලෙන් තමයි මම ලබපු ජයග්‍රහණයට ශක්තිය ලැබුණේ. විශේෂයෙන් මගේ පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු විෂයන් සියල්ලම ඉගැන්වූ ගුරුවරු සියලුම දෙනා විශාල සහයෝගයක් දැක්වූවා. මට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී ගුරුවරු හමුවෙලා මගේ ගැටලු නිරාකරණය කරගන්න අවස්ථාවක් ලැබුණා.

ඒ වගේම තමයි මම පාසල් ඉවර වෙලා ගිහින් විෂයන් කටපාඩම් කිරීමට සීමා නොවී ස්වයං අධ්‍යනයක් කරමින් පාඩම් කටයුතුවල නිරත වුණා. ඒ වගේම විෂයයක් විෂයක් විදිහට දකින්නේ නැතිව විෂයක් තමන් ආස කරන තවත් එක් දෙයක් විදිහට අවබෝධ කරගන්න පුරුදු වුණා. මම අධ්‍යාපන කටයුතුවලට අමතරව මම විෂය බාහිර කටයුතු සමඟ සම්බන්ධ වෙලා කටයුතු කළා. මම ඉදිරියේ දී ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස උසස් පෙළ හදාරන්න බලාපොරොත්තු වෙනවා.

සාර්ථක ප්‍රතිඵලය ලැබපු කෙනෙක් විදිහට ඉදිරියේ විභාගයට මුහුණ දෙන්න ඉන්න නංගිලා මල්ලිලාට කියන්න තියෙන පණිවිඩය තමයි, මට විභාගයට පාඩම් කරන තැනේ ඉඳන් මේ දක්වා මට සහය වූ දෙයක් තමයි සතිමත් බව නැතිනම් එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීම. පාඩම් කරන වේලාවේ වගේම, විභාගයට මුහුණ දෙන වෙලාවෙත් එළඹ සිටි සිහියෙන් කටයුතු කලොත් මානසික පීඩනය, මානසික ආතතියෙන් මිදිලා මනස නිරවුල්ව තබාගෙන විභාගයට මුහුණ දෙන්න පුළුවන්. ඒ දේ ඔවුන්ගේ ජීවිතවලට ද ප්‍රායෝගිකව යොඳා ගැනීම තුළින් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියලා තමයි කියන්න තියෙන්නේ.

වෛද්‍ය නන්දික රොෂාන් මහතා කුළුණි මෙත්සරා සිසුවියගේ පියා වන අතර මව වෛද්‍ය දීපිකා දමයන්ති මහත්මියයි. සිය දියණිය ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මව වන වෛද්‍ය දීපිකා දමයන්ති මහත්මිය දැක්වූයේ මෙවන් අදහසකි.

මගේ දියණිය ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් තියෙන්නේ නිහතමානී සතුටක්. දුවට පාසලෙන් ලැබුණ සහයෝගය, මගපෙනවීම වගේම දුවගේ උත්සහය නිසා තමයි අද මේ ජයග්‍රහණය ලබා ගත්තේ.

මියුසියස් විදුහලේ විදුහල්පතිනි සංජීවනි බණ්ඩාර මහත්මිය,

අ.පො.ස සාපෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රමුඛයන් අතරට එන එක සාමාන්‍යකාරණයක් නෙමෙයි. එනිසා අප විද්‍යාලයේ කුළුණි මෙත්සරා සිසුවියගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විදුහල්පතිතුමිය විදිහට ආඩම්බර වෙන වගේම සමස්ත ගුරු මණ්ඩලය ඇය ලැබූ ජයග්‍රහණයට සුබ පතනවා.

ඊට අමතරව කුළුණි සම්බන්ධයෙන් ආඩම්බර වෙන කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි කුළුණි අධ්‍යාපනයට විතරක් නෙමෙයි පාසලේ පෙරදිග සංගීත අංශයට ලොකු දායකත්වයක් දැක්වූ දුවෙක්. මැය තමයි පාසලේ පෙරදිග සංගීත අංශයේ නායිකාව වගේම පෙරදිග සංගීත වෘන්දයේ නායිකාව. ඒ වගේම පාලි හා සංස්කෘත භාෂාවන් හැසිරවීමේ හැකියාවක් තියෙනවා. වැදගත්ම කාරණාව තමයි මෙම දියණිය භාවනාවට නැඹුරු වුණ කෙනෙක්. දැන් ඉන්න දරුවන් එක්ක ගත්තහම මේ දැරිය හරිම සුවිශේෂී වන්නේ ඒ නිසා.

ඒ වගේම අමතර පන්තිවලට සහභාගී නොවී කොහොමද මේ ජයග්‍රහණය ලබාගත්තේ යන්න සම්බන්ධයෙන් අපි පුදුම වුණා. ඒ අවස්ථාවේ දියණිය කියා සිටියේ ගුරුවරුන්ගේ හැකියාව, ස්වයං අධ්‍යයනය වගේම එයාට ලැබුණු අවස්ථා වලදී විෂයන් ආවරණය කරගත් බවයි. මේ දියණියගේ ජයග්‍රහණය පසුපස මම දකින සුවිශේෂීම දෙය තමයි ඒ නවයක්, විශිෂ්ට ස්ථානයක් ඕනෑම දරුවෙකුට ගන්න පුළුවන් නමුත් ගුණවත් දරුවෙක් වෙන්න හැමෝටම බැහැ යනුවෙන් මියුසියස් විද්‍යාලයේ විදුහල්පතිනිය සජීවනී බණ්ඩාර මහත්මිය අප සමඟ පැවසීය.

ඡායාරූප : (සුමුදු හේවාපතිරණ)



අදහස් (1)

’’මෙතරම් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වුණේ නෑ’’

Daniel Fernando, Ph. D. Wednesday, 30 October 2024 04:06 AM

කුළුණි මෙත්සර මහත්මියට සුභ පැතුම්. තව තවත් බැබලේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 28 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site