IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රීට එරෙහි වාරණය දිග් කරයි

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති,ජාතික සංවිධායක හා භාණ්ඩාගාරිකගේ කටයුතුවලට බාධා කිරීම හා ඔවුන් එම ධූරවලින් ඉවත් කිරීම වළක්වමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කර තිබූ වාරණය ජූලි 30 දක්වා  යළි දීර්ඝ කිරීමට ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද(12) නියෝග කළේය.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර,ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවැන්න මහත්තුරු පැවරු නඩු තුනක් ප්‍රකාරව මෙම  වාරණ නියෝග නිකුත් කර තිබිණ

මෙම නඩුවල  විත්තිකරුවන් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,සාරතී දුස්මන්ත ,නිමල් සිරිපාලද සිල්වා,හා ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් නම් කර තිබිණි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පාර්ශවය පසුගිය මාර්තු මස 30වෙන දින කැඳවා තිබු  නීති විරෝධී විධායක රැස්වීමකදී පක්ෂයේ භාණ්ඩාගාරික ජාතික සංවිධායක හා ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරු ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම නඩු පවරා තිබිණි.

වාරණ නියෝග වලට එරෙහිව විත්තිකරුවන්ගේ විරෝධතා ගොනු කිරීමට දින ලබා දෙන්නැයි කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුව අදාළ වාරණ නියෝග ජූලි 30 වැනි දින දක්වා යළි දීර්ඝ කිරීමට නියෝග කරමින් නඩු  විභාගය එදින තෙක් කල් තැබීය. 



අදහස් (3)

මෛත්‍රීට එරෙහි වාරණය දිග් කරයි

Prabha Wednesday, 12 June 2024 12:58 PM

මේ යකඩ ජීවිත කාලයටම බලපවත්වන්න මාධ්‍ය වාරණයක් දාන්න බැරි වෙයිද?

:       0       2

අරවින්ද මොනරවිල Wednesday, 12 June 2024 01:02 PM

රටේ බදු මුදලින් උසාවි පවත්වාගෙන යන්නේ හැමදාම මොවුන්ගේ ආරාවුල් විසඳන්නද?

:       0       2

M. saman perera Wednesday, 12 June 2024 01:18 PM

රටටම විහිලු සැපයු අසාර්ථකම ජනපති

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site